නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් ව්‍යවස්ථාවක් ගැන තීරණය කරන්නේ ව්‍යවස්ථාදයක සම්පාදක සභාවයි

    ඔක්තෝබර් 07, 2016

    අලුත් ව්‍යවස්ථාවක් ගැන තීරණය කරන්නේ ව්‍යවස්ථාදයක සම්පාදක සභාව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ( 07) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    උතුරේ  ප්‍රධාන අමාත්‍යවරයා සිදු කර ඇතැයි කියනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට අඳහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.

    යම් යම් ප්‍රකාශ කළාට මේ රටේ ව්‍යවස්ථාවක් තිබෙනවා. අලුත් ව්‍යවස්ථාවක් සකස් කරන එක මේ සභාවේ අප සිදු කරන්නේ. මේ රටේ බහුතර ජනතාවක්,පක්ෂ ඔක්කෝම එකඟවෙලා, ගන්න තියෙන තීරණ අනුවයි ක්‍රියාත්මක වෙන්නේ.

    අනෙක් අයත් එක එක ප්‍රකාශ කර තිබෙනවා.කෙසේ හෝ දැනට ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වෙනවා.අලුත් ව්‍යවස්ථාවක් ගැන තීරණය කරන්නේ  ව්‍යවස්ථාදයක සම්පාදක සභාවයි.මෙහෙයුම් කමිටු වාර්තාව ඉදිරිපත් කළාමත් එයට පක්ෂ විපක්ෂ අය සිටීවි. අපේ කටයුතු කරගෙන යමු යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya