මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිත්සතන් භක්තියේ ආලෝකයෙන් දිදුලන දීපවාලී උත්සවයක් - ජනපති

    නොවැම්බර් 10, 2015

    ශ්‍රී ලංකාවාසී, සියලූ හින්දු බැතිමතුනට, “සිත්සතන් භක්තියේ ආලෝකයෙන් දිදුලන දීපවාලී උත්සවයක්” වේවායි සුබ ප්‍රාර්ථනා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දීපවාලී දින සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

    ජනාධිපතිතුමාගේ දීපාවලි දින පණිවුඩය -

     

    ‍‘ලොව පුරා හින්දු බැතිමතුන් මහත් උත්කර්ෂවත් ලෙස සමරනු ලබන දීපවාලී උත්සවය සෙසු ලෝ වැසියනට වැදගත් වන්නේ ලෝකයේ අයහපත පළවා හැර යහපත කැඳවීම සංකේතවත් කිරීම උදෙසා මෙම උත්සවය පාදක කර ගන්නා බැවිනි.

     

    ලෝකය යහපත් තැනක් බවට පත් කිරීම සඳහා මානව ශිෂ්ඨාචාරයේ ඈත යුගයන්හි පවා මිනිසා තුළ පෙළඹවීමක් පැවති බව අප වර්තමානයේ දීපවාලී උත්සවය තුළින් දකින අකාලික සත්‍යය යි.

     

    පහන් වැටක් දැල්වීම තුළින් බිහිවන ආලෝකය, අඳුර පළවා හරින්නා සේ දීපවාලියේ ආලෝකය, සියලූ මිනිස් සිත් ආලෝකමත් කරමින්, ඔවුන් තුළ දල්වන සාමූහික සංහිඳියාව, ලොව සෑම ශිෂ්ඨාචාරයකටම අයත් මිනිසුන්ගේ පොදු ප්‍රාර්ථනාව බවට පත්වේ.

     

    එය ඛෙදීම් වලින් තොර සාමූහිකත්වය, රජයන ලෝකයක පැවැත්ම සඳහා අවශ්‍ය මූලික කොන්දේසියක් බව අපට වඩාත් දීප්තිමත් ආලෝක පූජාව තුළින් අවධාරණය කරනු ලබයි.

     

    මානව පරිණාමය වඩාත් සාධනීය ලෙස අද දක්වා විකාශය වූයේ මෙබඳු යහපත පෙරදැරි කර ගත්, පොදු චාරිත්‍ර වාරිත්‍ර ඔස්සේය. එබඳු සර්වකාලීන අගයක් ගන්නා දීපවාලී වැනි උත්සව, ඒවායේ මහාසාර ගුණ යහපත්කම් සමග අනාගතය කරා රැගෙන යාම වැදගත් වන්නේ, මිනිසාගේ අධ්‍යාත්මය මෙවන් පූජනීය සිරිත් විරිත් ඔස්සේ පිරිපහදු වන බැවිනි.

     

    ශ්‍රී ලංකාවාසී, සියලූ හින්දු බැතිමතුනට, “සිත්සතන් භක්තියේ ආලෝකයෙන් දිදුලන දීපවාලී උත්සවයක්” වේවායි සුබ ප්‍රාර්ථනා කරමි.‘

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya