අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දෙවිනුවර ආශිර්වාද පිරිත් පිංකමක්

    මාර්තු 25, 2014
    ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාවල කෙරෙන කුමන්ත්‍රණ පරාජය කර රට ආසියාවේ ආශ්චර්යය කරා ගෙන යාමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජයට ආශිර්වාද පළ කරමින් සහ රටට සෙත් පතමින් මාතර දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය දහසකගේ සහභාගිත්වයෙන් ජය පිරිත් දේශනයක් අද (05) පෙරවරුවේ මාතර දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාල පරිශ්‍රයේදී පැවැත්විණි.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාද මෙම අවස්ථාවට සහභාගිවී ආශිර්වාද ලබා ගත් අතර මහා සංඝරත්නය වෙනුවෙන් පැවැති දානමය පුණ්‍යකර්මයටද ජනාධිපතිතුමා එක්විය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පියාණන් වන දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ සහ මෑණියන් වන දිවංගත දන්දිනා සමරසිංහ දිසානායක මහත්මියට පිං පිණිස දේවා පූජා භූමිය වටා ඉදිකරන ලද වළාකුළු ප්‍රාකාරයද ජනාධිපතිතුමා අතින් විවෘත විය.
     
    රෝහණ පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගොන්බද්දල නන්දාරාම හිමිපාණන් වහන්සේ, වෙහෙරහේන පුරාණ රජමහා විහාරාධිපති කෝට්ටේ සංඝ සභාවේ දක්ෂිණ පාර්ශවයේ ප්‍රධාන සංඝනායක කෑගල්ලේ රතනසාර හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන හේමාල් ගුණසේකර, සනත් ජයසූරිය, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත්, දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya