මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තායිලන්තයට වැඩම කළ සර්වඥධාතු ප්‍රදර්ශනය ඇරඹේ

    නොවැම්බර් 03, 2015
    මහියංගනය රජමහා විහාරස්ථානයේ සිට තායිලන්තයට වැඩම කරවන ලද සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය ජනපති සුරතින් විවෘත කෙරේ.
     
    ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ආගමික හා සංස්කෘතික සබඳතාවයන් සියවස් ගණනාවක් එපිටට විහිදියන අතර දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික බැඳීම් ඇතිවූයේ මින් හැට වසරකට පෙරය.
     
    ඒ නිමිත්තෙන් ඇරඹුණු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සිව්දින නිල සංචාරයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවෙන් වැඩම කරවන ලද සර්වඥ ධාතු ප්‍රදර්ශනය තායිලන්ත බෞද්ධ සැදැහැවතුන් උදෙසා ඊයේ (02) පස්වරුවේ තායිලන්තයේ බුද්ධමන්තන් විහාරස්ථානයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.
     
    තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් වාන් ඕ වා මහතාද මෙම පූජනීය අවස්ථාවට සහභාගි විය. ආසියාවේ ප්‍රබලත ම බෞද්ධ රටක් වන තායිලන්තයේ බෞද්ධාගමික ජනතාවගේ ප්‍රතිශතය 96% ක් පමණ වේ.
     
    ජනාධිපතිතුමාගේ නිල සංචාරයට සමගාමීව මෙවර සර්වඥධාතුන් වහන්සේලා තායිලන්තයට වැඩම කරවන ලද්දේමහියංගන රජමහා විහාරස්ථානයේ සිටය. සර්වඥ ධාතුන් වහන්සේ සමග භික්ෂුන් වහන්සේලා හැට නමක් ද තායිලන්තය බලා වැඩම කළහ. මෙම සර්වඥ ධාතුන් වහන්සේලා තායිලන්ත බොදු සැදැහැවතුන්ට මෙම මස 16දා දක්වා වන්දනාමාන කළ හැක.
     
    කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, මහියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපතිතුමා විසින් ප්‍රථම පූෂ්පෝපහාරය දැක්වීමෙන් අනතුරුව ධාතු ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya