මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තේ වගාකරුවන් සහ කම්කරුවන් ආරක්ෂා කරන්න අවශ්‍යයි

    නොවැම්බර් 03, 2015

    තේ වගාකරුවන් සහ කම්කරුවන් ආරක්ෂා කරන්න අවශ්‍ය බවත් අවශ්‍ය සහනාධර සඳහා තේ මණ්ඩලයට මුදල් ලබා දී තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් යොමු කළ තේ මිළ සම්බන්ධයෙන් වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසී ය.

     

    තේ සම්බන්ධයෙන් රුසියාව,යුක් ක්‍රේනය වෙළඳපොළ ආර්ථිකය කඩා වටිලා. අද වනවිට මැදපෙරදිග යුද්ධයක් තිබෙනවා.පසුගිය සතියේ තේ කර්මාන්තයට සම්බන්ධ අය මුණගැසි එකඟ වී මුදල් ලබාදී තිබෙනවා අවශ්‍ය පියවර ගැනීමට.

     

    පාකිස්ථානය,ඉන්දියාව,තේ මිලිඅදී ගැනීමට අවශ්‍ය කටයුතු සඳහා ඇමැතිවරයකු යනවා.අලුත් වෙළඳපොළවල් සොයන්නේ නැතිව මෙය කරන්න බෑ.අවශ්‍ය සහනාධාර සඳහා මුදල් අමාත්‍යාංශයෙන් තේ මණ්ඩලයට මුදල් ලබා දී තිබෙනවා. චීනයටත්, යුරෝපයටත් තේ අලෙවිය සඳහා අවධානය යොමු කර යුතුයි.මධ්‍ය කාලීන වැඩසටහන් ඉදිරිපත් කරන්න කමිටුවක් පත් කර තිබෙනවා. ඒ වාර්තාව ලබන සතියේ බලාපොරොත්තු වෙනවා.

     

    අද තුර්කිය, සිරියාව,යුද තත්ත්වයක් තිබෙනවා.අපට අවශ්‍යයි තේ වගාකරුවන්,වැඩකරන ජනතාව ආරක්ෂා කරන්න, වෙතන වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා.මේ රටේ අනෙකුත් යුරෝපා වෙළඳපොළවල් බැලුවේ නෑ.අපට අවශ්‍ය තේ වගාකරුවන් සහ කම්කරුවන් ආරක්ෂා කරන්නයි යැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya