මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලීසිය සීමාව ඉක්මවා කටයුතු කර තිබේ ද? - අමාත්‍ය තිලක් මාරපන

    නොවැම්බර් 03, 2015

    ශිෂ්‍ය උද්ඝෝෂණය විසුරුවා හැරීමේ දී පොලීසිය සීමාව ඉක්මවා කටයුතු කර තිබේ ද යන්න සොයාබැලීම සඳහා මේ වනවිටත් පොලිස් කොමිසම විසින් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි.


    උසස් තාක්ෂණ ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලා සිසුන්ගේ විරෝධතාවයට පහර දීම සම්බන්ධයෙන් නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් පිළිතුරු දෙමින් අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    පසුගිය 29 වන බ්‍රහස්පතින්දා උසස් තක්ෂණ ගනකාධිකාරී පාඨමාලා හදාරන සිසුන්ගේ සංවිධානයෙන් කොළඹදී පැවති උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා පොලීසිය අනුගමනය කළ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දේශපාලන අංශවලත්, ජනමධ්‍යවලත්, මහජනතාවගේත් අවධානය යොමු වී ඇත.

     

    මහජනතාවට ලෙන්ගතු රජයක් ලෙස මේ අංශ දෙකම පිළිබඳව සුපරික්ෂාකාරීත්වයෙන් හා වගකීම් සහගතව සෑම අංශයක්ම කටයුතු කළ යුතු බව අපි විශ්වාස කරමු.

     

    ශිෂ්‍ය උද්ඝෝෂණය විසුරුවා හැරීමේ දී පොලීසිය සීමාව ඉක්මවා කටයුතු කර තිබේ ද යන්න සොයාබැලීම සඳහා මේවනවිටත් පොලිස් කොමිසම විසින් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවයි.මේ වනවිටත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් එම කොමිසම හමුවට කැඳවා විමර්ශන කටයුතු කරමින් පවතී.

     

    උසස් තාක්ෂණ ගණකාධිකාරී පාඨමාලාව හදාරන සිසුන්ගේ උපාධි සහතිකය පිළිබඳ ප්‍රශ්නය දීර්ඝ කාලීන ඉතිහසයක් ඇති ප්‍රශ්නයකි.

     

    අපේ රජය වගකීම් සහගතව හැසිරෙන රජයක් බව අවධරණය කරමු.අප රජය ජනතා මතය තලාපෙළා දැමූ, උද්දච්ච ලෙස හැසිරුණු පසුගිය රජයට වඩා හාත්පසින් ම වෙනස් වූ රජයකි.රටේ සාධාරණ නීති පැවැතිය යුතු අතර එම නීතිවලට තරාතිරම නොබලා සෑමදෙනාම ගෞරව කළ යුතු බව අපගේ විශ්වාසයයි.

     

    කිසිවෙකුගේ වගකීම් විරහිත ස්වභාවය නිසා එයින් රජය වෙත එල්ලවන විවේචනය මඟහැර යාමට අපි අඳහස් කරන්නේ නැත. අපි එයට මුහුණදෙන්නේ වගකීම් විරහිතව හැසිරෙන ස්ථාන, පුද්ගලයින් හා අධිකාරියේ නිවැරදි කිරීම මඟිනි.

     

    අධ්‍යාපනය ඉහළ නැංවීම අපගේ රජයේ ප්‍රමුඛතාවයන් අතුරින් එකකි.රජය මේ ගෙන යන මහජන හිතකාමී වැඩ පිළිවෙල අවුල් කරලීම සඳහා කිසියම් පිරිසක් සංවිධානාත්මකව කූට ලෙස ක්‍රියාකරන්නේ ද යන්න සොයා බලීම කෙරෙහි අපගේ අවධානය යොමු වී ඇත.

     

    අප රජයක් හැටියට සෑමවිටම උත්සහ කරන්නේ මේ වගකීම් හා යුතුකම්වලින් බැදුණු යහපාලන සමාජයක් ගොඩනැගීමට බව ද අමාත්‍යරයා ප්‍රකාශ කළේ ය.

     

    උසස් ජාතික ගණ්කාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා සිසුන්ගේ විරෝධතාවයට පහර දීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් විරෝධය මතු කළේ ය.

     

    ස්ථවර නියෝග 23(2) යටතේ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේ,මෙම ප්‍රහාරය වගකීම් විරහිත ප්‍රහාරයක් බවත් මෙවැනි සිදුවීම් නැවත සිදු නොවීමට සහතික විය යුතු බවත් පැවසී ය.

     

    මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුව අවට පොලීසිය යොදවා ශිෂ්‍යයන්ට සහ ශිෂ්‍ය නායකයන්ට ජනතා නියෝජිතයන් හමුවීමට ඇති ඉඩකඩ අහුරා ඇති බවත් ඒ සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානය යොමු කළේ ය.

     

    එහිදී කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ එවැනි චෝදනාවක් තමන් වෙත කිරීම ඉතා අසාධාරණ බවත් ඒ සම්බන්ධයෙන් කණගාටුවන බවත් පොලීසිය ගෙන්වීමට තමන් කිසිදු නියෝගයක් ලබාදී නැති බවත් ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya