පාබල හමුදා මුලස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා විශේෂ හමුදා උත්තමාචාර සහිතව මහත් අභිමානවත් අයුරින් පිළිගන්නා ලදී.
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව වෙත ජනාධිපති වර්ණ හා රෙජිමේන්තු වර්ණ ප්රදානය කිරීමත්, පළමුවන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ දෙවන ශ්‍රී ලංකා ස්වේච්ඡා පාබල හමුදා ඒකකයන් වෙත ජනාධිපති වර්ණ සහ ඒකක වර්ණ ප්රදානය කිරීමත් මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
ඊට අදාළව සේනාධිනායකයා ලෙස ජනාධිපතිතුමාගේ විශේෂ පණිවිඩය ඉදිරිපත් කිරීමද සිදු කෙරිණි.
අනතුරුව ජනාධිපතිතුමා උත්සව සභාව ඇමතූවේය.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන බුලත්සිංහල, හිටපු යුධ හමුදාපතිවරුන් වන ජෙනරාල් දයා රත්නායක, ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන ආඥාපති මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා ඇතුළු යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.