නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිගේ තායිලන්ත සංචාරය නොවැ:01 දා ඇරඹේ

    ඔක්තෝබර් 27, 2015

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබන නොවැම්බර් 01 වැනි දා තායිලන්ත නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

    තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරල් ප්‍රයුත් චන් - ඔ - චා මහතාගේ ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා මෙම නිල සාංචාරයකට එක්වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

    ජනාධිපතිතුමා නොවැම්බර් මස 4 වනදා දක්වා එහි රැඳී සිටින අතර දෙරටේ රාජතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 60 ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන සමරු උත්සවයට ද ජනාධිපතිවරයා මෙහිදී එක් වීමට නියමිතය.

    එසේම දෙරටේ සමීප සම්බන්ධතා සහ සහයෝගීතා වර්ධනය කර ගැනීමේ අන්‍යෝන්‍ය වැදගත් කරුණු සම්බන්ධයෙන් තායිලන්ත ජනාධිපතිතුමා හා තායිලන්ත අගමැතිවරයා සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
     
    ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා වාණිජ, කර්මාන්ත හා බැංකු පිළිබඳ තායි ඒකාබද්ධ ස්ථාවර කමිටුව විසින් සංවිධානය කරන ලද ව්‍යාපාරික සංසදය ඇමතීමට නියමිත අතර මෙම අවස්ථාවට තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආර්ථික කටයුතු ඇමැති Somkid Jatusripitak වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya