නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "දරුවන් පණ මෙන් සුරකිමු" පා ගමනට ජනපති එක් වෙයි

    ඔක්තෝබර් 26, 2015
    "දරුවන් පණ මෙන් සුරකිමු" ජාතික වැඩසටහනේ පා ගමන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (25) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
     
    දයේ දරුවන් වෙනුවෙන් ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාව විසින් මෙය සංවිධානය කර තිබූ අතර දරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම, දරුවන්ට යහපත් අනාගතයත් උරුම කරදීම සහ දරුවන් සුරකීම තේමා කර ගනිමින් වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.
     
    ශී‍්‍ර ලංකා රූපවාහිනි පරිශ‍්‍රය අසළින් ආරම්භ කෙරුණු පා ගමනට ශී‍්‍ර ලංකා පොලීසිය, ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව, ළමා රක්ෂක අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන, කී‍්‍රඩකයන්, ගුරුවරුන්, දෙමාපියන්, විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කරන විද්වතුන්, සරසවි සිසුන් සහ දරුවන් වෙනුවෙන් පෙනී සිටින විවිධ සංවිධාන ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියහ.
     
    පණ මෙන් සුරකිමු පුවරුවේ අත්සන් තැබීම සහ දරුවන් වෙනුවෙන් වැකියක් සටහන් කිරීම ද එහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ දරුවන් රැකබලා ගැනීමේදී දෙමව්පියන්ට විශාල වගකීමක් පැවරෙන බවත්, දරුවන් කෙරෙහි නිරන්තර අවධානයෙන් සිටීම දෙමාපියන් විසින් පැහැර නොහැරිය යුතු කාර්යභාරයක් බවත්ය.
     
    එමෙන්ම දරුවන් ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරිමේ විශේෂ ක‍්‍රමවේදයක් අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ඉදිරියේ දී කි‍්‍රයාවට නැංවීමට රජය කටයුතු කරන බවද ජනාධිපතිතුමා පැවසීය.
     
    ජනමාධ්‍ය ආමත්‍ය ගයන්ත කරුණාතිලක, ශ‍්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති නිතීඥ රවී ජයවර්ධන, අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සුනිල් ශාන්ත, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya