නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "හදගැස්ම - 2015" පා ගමන ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 25, 2015
    නිරෝගිමත් ජනතාවක් මැයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ යුනෙස්කෝ සමාජය සංවිධානය කළ හදගැස්ම - 2015 පා ගමන ඊයේ (24) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලින් ආරම්භ විය.
    එහිදී ජනාධිපතිතුමා පැවසුවේ පරිවර්තන යුගයේ නව ගමනක් ආරම්භ කර ඇති මෙම අවස්ථාවේ රජයේ ප්‍රධාන ඉලක්කය රටේ ජනතාව  නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න පිරිසක් බවට පත් කිරීම බවයි.
    රාජකීය විද්‍යාලයේ යුනෙස්කෝ සමාජය නායකත්වය ගනිමින් කොළඹ කලාපයේ පාසැල් 150 ක සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් අයහපත් දිවි පැවතුම් පිටු දැක වත්මන් දරු පරපුර රැක ගැනීමට පිරිසුදු ජලය පානය කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය සහ දුමිකොළ මධ්‍යසාර පිටුදැකීම සඳහා මෙම පා ගමන සංවිධානය කර තිබිණි.
    එම ආරම්භක අවස්ථාව අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටක් සංවර්ධනය වන විට එහි දියුණුව පිළිබඳ ව පෙන්නුම් කරන ඡායා කැඩපත වන්නේ ඒ රටේ ජනතාව කොතෙක් දුරට සෞඛ්‍ය සම්පන්න ද යන්න මත බවයි. රටක් කෙතරම් සංවර්ධනය වුවත් රරටේ ජනතාව රෝගීන් බවට පත්වන්නේ නම් එම රටේ සංවර්ධනය පිළිබඳ කිසිසේත් සතුටු විය නොහැකි බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
    නවීන තාක්ෂණයේ දියුණුව සමග සොබා දහමින් ඈත්ව හුදෙකලා වීම තුළ කුඩා දරුවා ඇතුළු මහජනතාව දිනෙන් දින රෝගීන් බවට පත්වන බව කියා සිටි ජනාධිපතිතුමා තාක්ෂණික උපකරණ භාවිතා කළ යුත්තේ එයින් කළ යුතු කාර්යයට විනා එය වැළඳ ගැනීමට නොවන බව සිහියේ තබාගත යුතු බවද පවසා සිටියේය.
    බොහෝ විට අඩු ආදායම්ලාභී පවුල්වල ලැබෙන ආදායමින් තුනෙන් එකක් මත්ද්‍රව්‍ය සඳහා වැය කිරීම තුළ පවුලේ සියළු සාමාජිකයන්ට ලැබිය යුතු ආහාර අවශ්‍යතාවය නොලැබීමෙන් ඔවුන් සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතින් කෙමෙන් ඈත් වන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
    තාක්ෂණයේ දියුණුව මිනිසාගේ ජීවන රටාව සම්පූර්ණයෙන් වෙනස් කිරීම හේතුවෙන් බෝ නොවන රෝගයන්ට මිනිසුන් ගොදුරු වීමේ වැඩි ඉඩක් පවතින බව කී ජනාධිපතිතුමා පෝෂණීය ආහාර, ව්‍යායාම, තාක්ෂණික උපකරණ හා ගත කරන කාලය අවම කිරීම සහ සොබාදහම සමග එකතුවීම මිනිසාගේ මනස පිරිපුන් කරන බව ද කියා සිටියේය.
    මහා සංඝරත්නය මෙන්ම අන්‍යාගමික පූජකවරු ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, සාගල රත්නායක, ඉරාන් වික්‍රමරත්න, දයා ගමගේ, රවුෆ් හකීම් යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු ද, රජයේ නිලධාරින්, කලාකරුවන්, පාසල් දරුවන් ඇතුළු අති විශාල පිරිසක් මෙම පා ගමනට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya