මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආරක්ෂාව උදෙසා ගුවන් හමුදාව ඉටු කළ සේවය ප්‍රශංසනීයයි – ජනාධිපති

    ඔක්තෝබර් 19, 2015

    දශක කිහිපයක් පුරා පැවති එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය තුරන් කිරීමේ මෙහෙයුමේදී පාබල හා නාවික හමුදාවන් යම් යම් අසීරු තත්ත්වයන්ට මුහුණ පෑ අවස්ථාවේ ගුවන් හමුදාව සතුරාට සෘජුව පහර දෙමින් සතුරා අඩපණ කිරීමට සුවිශේෂි දක්ෂතාවයක් ලබා දුන් බව ජනාධිපතිතුමා පැවසීය.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ අද (19) පෙරවරුවේ ත‍්‍රීකුණාමලය වීන වරාය ගුවන් හමුදා කඳවුරේ පැවති ගුවන් කැඩෙට් නිලධාරීන් අධිකාරීත්වයට පත්කිරීම සහ පියාසර කැඩෙට් නිලධාරීන්ට පියාසර නිල ලාංඡන පැළඳවීම වෙනුවෙන් පැවති උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

    ගුවන් හමුදා නිලධාරීන් විසින් ජනාධිපතිතුමාව හමුදා සම්ප‍්‍රදායානුකූලව මහත් හරසරින් පිළිගෙන ප‍්‍රධාන පීඨිකාව වෙත කැඳවා ගෙන යනු ලැබීය.

    මෙහිදී අංක 55 වන කැඩෙටට් නිලධාරීන් සහ අංක 07 වන කැඩෙට් නිලධාරී/නිලධාරිනියන් 46 දෙනෙකු අධිකාරීත්වයට පත්කිරීම සහ 83 වන පියාසර කැඩෙට් නිලධාරී පාඨමාලාවේ නිලධාරීන් 08 දෙනෙක් හට පියාසර නිල ලාංඡන පැළඳවීම ජනාධිපතිතුමා අතින් සිදුකෙරිනි.

    අංක 161 වන නිත්‍ය ආධුනික ගුවන් භට සහ අංක 31 වන නිත්‍ය ආධුනික ගුවන් කාන්තා පාඨමාලා සාර්ථක හැදෑරූ ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන් 94 දෙනෙකු මෙහිදී විසිර ගියහ.

    තව දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා පැවසුවේ ගුවන් හමුදාවේ සේවාවන්වල තිබෙන්නා වූ ප‍්‍රමිතිය හා ගුණාත්මකභාවය පිළිබඳව තමා ඉතාමත් තෘප්තිමත් වන බවය.

    මවුබිමේ නිදහස වෙනුවෙන් දිවිපිදු සියලු රණවිරුවන් මෙන්ම ආබාධිත වූ රණවිරුවන් පිළිබඳව ගෞරවයෙන් සිහිපත් කළ ජනාධිපතිතුමා ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට කෘතඥතාවය පළකිරීමට ද මෙය අවස්ථාවක් කර ගත්තේය.

    ගොඩබිම මෙන් අට ගුණයක් විශාල මෙරට මුහුදු සීමාවේද ආරක්ෂක කටයුතුවල නියැළෙමින් මුහුදු ප‍්‍රදේශ ආරක්ෂා කිරීමද ගුවන් හමුදාව අතින් වූ කාර්යක්ෂම සේවයක් බව කියා සිටි ජනාධිපතිතුමා ගුවන් හමුදාව ගෙවී ගිය දශක කිහිපය තුළ සිය සේවය නිසි ලෙස අවංකව, කැපවීමෙන් ඉටුකිරීම පිළිබඳව ගෞරවය ලබා ගෙන ඇති බව ද සඳහන් කළේය.

     

    නව ගුවන් හමුදාපතිවරයාගෙන් ලැබෙන සහයෝගය සමග ඉදිරියේදීත් ගුවන් හමුදා නිලධාරීන් රටේ ජාතික ආරක්ෂාවේදී තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටුකරනු ලැබේ යැයි තම විශ්වාස යැයි සඳහන් කළ ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය නව තාක්ෂණික දැනුම සමඟ පහසුකම් ලබා දෙන බවට ද පොරොන්දු විය.

     

    මෙම විසිරයාමේ පෙළපාලියේ අභිමානවත් බව සංකේතවත් කරමින් ගුවන් හමුදා පියාසර බළඝනය මගින් ගුවන් කරනම් සංදර්ශනයක්ද, ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම සහ ගුවන් හමුදා සරඹ කණ්ඩායම එක්ව විචිත‍්‍රවත් සරඹ සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදී.

     

    මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන් හමදා චීන වරාය විද්‍යාපීඨයේ පීඨාධිපති ගුවන් කොමදෝරු සාගර කොටකදෙණිය, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya