ඊයේ (16) පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පොලොන්නරුව දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය.
පොලොන්නරුෙවි සිටින ගවයින්ට වනජීවී කලාපයෙන් බැහැරව ආරක්ෂිතව වාසය කිරීමට සුදුසු ප‍්‍රදේශයක් වෙන් කිරීම සඳහා මිනින්දෝරු, වන රක්ෂණ හා වනජීවී දෙපාර්තමින්තුවල සහය ලබාගෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් දිස්ත‍්‍රීක් කෘෂිකර්ම සංවර්ධන කමිටු රැස්වීම් සඳහා ප‍්‍රදේශයේ මහජන නියෝජිතයින්ට ද සහභාගී විය හැකි පරිදි චක‍්‍රලේඛය සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිතුමා සඳහන් කළේය.
දිස්ත‍්‍රික්කයේ මහජන නියෝජිතයින් වෙතින් ඉදිරිපත් වූ අදහස් හා යෝජනා පිළිබද ප‍්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමා, මැදිරිගිරියේ ඉදිකරමින් පවතින ජල සම්පාදන හා ජල පිරිපහදු මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු කඩිනමි කරන ලෙස ද පොළොන්නරු දිස්ත‍්‍රික්කය වකුගඩු රෝගය ව්‍යාප්ත වී ඇති දිස්ත‍්‍රික්කයක් බැවින් ඒ ස`දහා ප‍්‍රමුඛතාවය දිය යුතු බව අවධාරණය කළේය.
පොලොන්නරු දිස්ත‍්‍රික් සංවර්ධනයේදී අධ්‍යාපන කටයුතු සඳහා සේම පාසල්වල වැසිකිළි, කැසිකිළි හා ජානීය ජල අවශ්‍යතා සදහා ද ප‍්‍රමුඛතාවයක් ලබාදෙන ලෙසට ද නගරයේ මෙන්ම නගරයෙන් දුර බැහැර ග‍්‍රාමීය පාසල් වල පහසුකම් පිළිබඳව ද සැලකිලිමත් වන ලෙස ද ජනාධිපතිතුමා විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
තවද ප‍්‍රාදේශීය රෝහල්වල පවතින අඩුපාඩු සකස් කිරීමට ද පෙර පාසල් විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා සැලැස්මක් නිරීමාණය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද උපදෙස් දුන් ජනාධිපතිතුමා, ඒ අනුව ලබන වසරේ සිට පෙරපාසල් සඳහා මුදල් ප‍්‍රතිපාදන ලබාදිය හැකි බව ද පවසා සිටියේය.
එස්.බී. දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, පේෂල ජයරත්න, වසන්ත සේනානායක, සිරිපාල ගමිලත්, නාලක කොළොන්නේ ඇතුඑ ප‍්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු සහ පළාත් සභා මැති ඇමතිවරුන් ද ජනාධිපති ලේකම් පී.බී. අෙබිකෝන්, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක යන මහත්වරුන් ඇතුඑ සියලු රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන් ද මෙම අවස්ථාවට ඒක්ව සිටියහ.