නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩාව ශක්තිමත් කිරීම මගේ කාර්යභාරයයි

    ජූනි 25, 2015
    ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තරග තහනමකට ලක් කරයි කියලා බොහෝ දෙ‍නෙක් හිතාගෙන සිටියත් එසේ නොවන බවත් අපිට ලැබෙන්න ඇති මුදල් ටික ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නියමිත පරිදි ලබා දෙන බවත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (25) පාර්ලිමේන්තුවේදී ක්‍රීඩාවල යෙදීමේදී තහනම් උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේ අදහස් දක්වමිනි.
     
    අපේ රටේ ක්‍රීඩා සංගම් 47ක් ක්‍රියාත්මකයි. ඉන් ක්‍රීඩා සංගම් 30ක නිලවරණ සිදු කර අවසන්. ඉතුරු ඒවා ගැටලු ඇති නිසා ප්‍රමාද වී තියෙනවා. යම් සංගමයක නිලවරණය නියමිත පරිදි නැතිනම් ඒ සඳහා අධිකරණයට යා හැකියි.
     
    ක්‍රිකට් අතුරුකමිටුවෙන් සිදු වූ දූෂණ හා වංචා ගැන හොයන්න කමිටුවක් පත් කර ඇත. මෙහි සිදු වූ වංචාවක් ගැන හොයන්න රහස් පොලිසියේ පැමිණිලි යොදා තියෙනවා. මේවා ගැන පරීක්ෂණ කරනවා. ඉදිරියේදී ඒවායේ තීරණ ලැබෙයි. ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලු සම්බන්ධයෙන් අප කටයුතු කරනවා. 2013 ගෙන ආ රෙගුලාසි නිසා මේ ගැටලු ඇති වී තිබෙන්නේ. 
     
    මේ ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොව මළල ක්‍රීඩා, ටේබල් ටෙනිස් වැනි දේ දියුණු කරන්න කටයුතු කරනවා. මෑතකදී අපේ දරුවන් ටේබල් ටෙනිස්වලින් ජයග්‍රහණ රැසක් රටට ගෙනාවා.  පාසල් දරුවන් තහනම් උත්තේජක කණ්ඩායම් සහිතව දරුවන්ට අලෙවි කරනවා. මේ ගැන ජාතික ප්‍රතිපත්තියක් ගේනවා. තහනම් උත්තේජක ඒකකය ශක්තිමත් කරනවා. මේ වසරට මිලියන 40ක් ලැබෙනවා ගොඩනැගිල්ලක් ඉදිකරන්න. ක්‍රීඩාව ශක්තිමත් කිරීම මගේ කාර්යභාරයයි. ජාත්‍යන්තර ක්‍රීඩා සමිති කියන ලෙස අප නටන්නේ අපට අපේ රටේ ක්‍රීඩා නීතියක් තියෙනවා යැයි අමාත්‍යවරයා පැවසීය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya