පකිස්තානු ජනාධිපති මම්හුන් හුසේන මැතුතමාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරය සඳහා පසුගිය 06දා දිවයිනෙන් පිටත් ව ගියේය.
ඉස්ලාම්බාද් නුවර නූර් ඛාන් ගුවන්තොටුපළෙන් ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස යළි දිවයින බලා පිටත්වන අතර පකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ආරක්ෂාව සහ විදේශ කටයුතු පිළිබද උපදේශක Sartaj Aziz මහතා ඇතුළු එරට රජයේ විශේෂ නියෝජිත පිරිසක් ජනාධිපතිතුමාට සමු දෙන්නට ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
මෙම සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා පකිස්තානු ජනාධිපතිවරයා මෙන් ම එරට ඉහළ පෙළේ අමාත්‍යවරු සහ නිලධාරීන් රැසක් සමගින් ද්වීපාර්ශවික සාකච්ඡාවන් පැවැත්වූ අතර දෙරටට බලපාන ගිවිසුම් 6 කට ද එළැඹිණි.
DB