නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පකිස්තානයේ තක්ෂිලා කෞතුකාගාරය නැරඹීමට එක් වෙයි

    අප්‍රේල් 08, 2015

    පකිස්තානයේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය නිල රාජකාරී කටයුතුවලින් අනතුරුව පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ පිහිටි තක්ෂිලා කෞතුකාගාරය නැරඹීමටද  ඊයේ (07) පෙරවරුවේ එක් විය.

     

    මෙම කෞතුකාගාරය පකිස්තානයේ ප්‍රධානතම කෞතුකාගාර අතරින් එකක් ලෙස සැලකෙයි.

     

    ක්‍රිස්තුපූර්ව 3 වන සියවසට අයත් බුද්ධ ප්‍රතිමා වහන්සේලා හා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමටද ජනාධිපතිතුමා එක් විය.

     

    එමෙන්ම 1963 වසරේදී ශ්‍රි ලංකා රජය විසින් පකිස්තානය වෙත ප්‍රදානය කරන ලද අනුරාධපුර ජය ශ්‍රි මහා බෝ සමිදුන්ගේ ශාඛාවක්ද මෙම කෞතුකාගාර පරිශ්‍රයේ රෝපණය කර ඇති අතර ජනාධිපතිතුමා ඒ අභියස ද ආගමික වතාවත්වල නිරත විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya