පාකිස්තානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ පාකිස්තාන වාණිජ කටයුතු අමාත්‍ය Kurram Dastgir Khan මහතා අතර ද්වීපාර්ශවික සාකච්ඡා පසුගිය දා පැවැත්වුණු අතර එහිදී මේ පිළිබඳ අවධානය යොමු කෙරිණි.
වෙළෙඳ කටයුතුවලදි දෙරට අතර ඉතා හොඳ සබඳතාවයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරිණි. දෙරට අතර නැව් ගමනාගමන කටයුතු ප‍්‍රවර්ධනය කර ගැනීම පිළිබඳ ව ද සාකච්ඡාවට ලක් කෙරිණි.
දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමේ කටයුතු තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම පිළිබඳ ව ද සාකච්ඡා කෙරිණි.
පාකිස්තාන බැංකු ශාඛා සහ දුරකතන ජාල පහසුකම් ශී‍්‍ර ලංකාව තුළ ඇති කිරීමෙන් දෙරට අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගත හැකි බව මෙහිදි පාකිස්තාන වාණිජ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
DB