යාපනය ප්‍රදේශයේ ජනතාව මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් සිවිල් සංවිධානවල නියෝජිතයින් සමඟ අගමැතිවරයා මෙහිදි සාකච්ජා කළේය.
කාන්තාවන් පොලිසියේ පිළිසරණ සොයා යන අවස්ථාවලදි සිය ගැටලු පැවසීමට කාන්තා පොලිස් නිලධාරින් ඒවායේ නොමැති විමෙන් උතුරේ කාන්තාවන් ඉමහත් අසිරුතාවයකට පත් වන බව කාන්තා සංවිධාන නියෝජිතවරියක් එහිදි අගමැති වික්‍රමසිංහ මහතාට පැමිණිලි කළේය.
දෙමළ කථා කරන කාන්තා පොලිස් නිලධාරිනියන් මෙන්ම නිලධාරින්ද බඳවා ගැනීමට රජය තීරණය කර ඇතත් ඒ සම්බන්ධයෙන් දෙමළ තරුණ තරුණියන්ගේ උනන්දුවක් නොමැති බව කී අගමැතිවරයා මෙම බඳවා ගැනිම් පිළිබඳව ප්‍රසිද්ධ කරන ලෙස දෙමළ මාධ්‍යවලින් ඉල්ලා සිටියේය. රැකියා නැතැයි මැසිවිලි නගමින් නොසිට මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන රටට සේවය කිරීමට එක් වෙන්නැයි දෙමළ තරුණ තරුණියන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.