මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංගප්පූරුවේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අභාවය පිළිබඳ පාර්ලිමේන්තුවේ ශෝකය

    මාර්තු 24, 2015

    සිංගප්පුරුවේ හිටපු අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මැතිතුමාගේ අභාවය මහත් පාඩුවක් බවත් එතුමා ලෝකයේ වෙනත් රාජ්‍යයන්ට ආදර්ශවත් චරිතයක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


    අග්‍රාමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසුවේ, සිංගප්පූරුවේ හිටපු අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මැතිතුමාගේ අභාවය පිළිබඳ ව ශෝක ප්‍රකාශයක් කරමිනි.

    වසර 60කට පසුව ලෝකයේ විශ්මයක් බවට හා තරගකාරී රටක් බවට සිංගප්පූරුව පත් කළා. ඉතාමත් දියුණු ආර්ථිකයක් බවට පත් කළ සිංගප්පූරුව, අධ්‍යාපනය,සෞඛ්‍ය ඇතුළු සියලු පහසුකම් සියලු ජනතාවට ලැබෙන සේ කටයුතු කළා. එවැනි පුද්ගලයන්ගේ අභාවය අපට දැනෙන කාරණයක්. සිංගප්පූරුව ඔවුන්ගේ අන්‍යන්‍යතාව බවට පත් කළා. කලාපයේ දියුණු වෙළෙඳ ආර්ථිකයක් පවතින රටක් බවට සිංගප්පූරුව පත් කළා.

    පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව දේශපාලන ක්‍රමයක් යොදා ගෙන මිනිසුන්ගේ ගැටලු හඳුනාගෙන අර්ථික දියුණුව සඳහා ප්‍රතිසංධානය සඳහා කටයුතු කරමින් සිටිනවා. අපට තිබෙන්නේ ලී ක්වාන් යූ මැතිතුමා සමඟ තිබුණු සබඳතාව ජාතීන් දෙක අතර සබඳතාව ඉදිරියට ගෙන යාම බව ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    ශ්‍රී ලංකාව සමඟ වෙළෙඳ සබඳතා පමණක් නොව සියලු ක්‍ටයුතුවලදී සහයෝගයෙන් කටයුතු කළ සිංගප්පූරු රාජ්‍යයේ නිර්මාතෘ වන හිටපු අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මැතිතුමාගේ අභාවය ගැන එරට ජනතාවටත් පවුලේ සියලු දෙනාටත් ශෝකය ප්‍රකාශ කරන බව මේ අවස්ථාවේදී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ ක‍ළේය.

    අප සැමට එතුමා ආදර්ශයක් දුන්නා. ජනතා සහයෝගයකින් තොරව රජයකට ඵලදායී දෙයක් කළ නොහැකි බව ලී ක්වාන් යූ මහතා පැවසුවා. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ලක්ෂණ එතුමා සතු වුණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    දූෂණයෙන්, නාස්තියෙන් තොර සංස්කෘතියක් රට තුළ ඇති කර රට වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙමින් අපගේ දේශපාලනයටත් ආදර්ශයක් වූත් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ගෞරවාදරයට පාත්‍ර වූත් ලී ක්වාන් යූ මහතාගේ අභාවය ගැන ශෝකය ප්‍රකාශ කරන බව ද මෙහිදී කතානායක චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

     

    NDH/PR

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya