අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයේ ජයග්‍රාහී ආයතනවලට ජනපති අතින් සම්මාන

    මැයි 06, 2014
    2014 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය පිළිබඳ විමසා බැලීම සහ එයට දායක වූ පාර්ශවයන් ඇගයීමත් 2015 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය පිළිබඳ විමසා බැලීමේත් හමුවක්  ඊයේ (05) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.


    මෙහිදී 2014 වසරේ දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයේ ජයග්‍රාහී ආයතනවලට සම්මාන හා සහතිකපත් ප්‍රදානය කරන ලද්දේ ජනාධිපතිතුමා අතිනි.

     

    හොඳම ප්‍රදර්ශන කුටියට හිමි සම්මානය පොල් සංවර්ධන අමාත්‍යාංශය හිමි කර ගත්තේය. එහි දෙවන ස්ථානය නාවික හමුදාවත් තෙවන ස්ථානය යුද හමුදාවත් හිමි කර ගැනිණි.

     

    පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද මීට එක්ව සිටියහ. 

     

    NDH/pmu-pix by Chandana Perera

    01 2

     

    02 2

     

    05 1

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya