මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරාජ්‍ය මණ්ඩලීය සැමරුම් දින උළෙලට ජනපති එක් වෙයි

    මාර්තු 10, 2015

    පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් දින උළෙල බ්‍රිතාන්‍ය මහ රැජිණ, චාල්ස් කුමරු, විලියම් කුමරු ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ (09) පස්වරුවේ ලන්ඩන් නුවර මැල්බොරෝ පොදු රාජ්‍ය මණ්ඩලීය මූලස්ථානයේ (Marlborough House) දී පැවැත්වුණු අතර එම අවස්ථාවේ විශේෂ ආරාධිතයෙකු ලෙස පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිස්න මැතිතුමාද එක් විය.

     

    පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ෂර්මා මහතා සහ 2015 පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ලෙස තේරි පත්වන මෝල්ටා රාජ්‍යයේ නායකාය ද මෙම අවස්ථාවට එක් වූහ.

     

    මැල්බොරෝ පොදු රාජ්‍ය මණ්ඩලීය මූලස්ථානය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස එරට රජය වෙනුවෙන්  ඉතා ගෞරවයෙන් පිළිගැනිණි.

     

    මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උළෙල වෙනුවෙන් පවත්වන ලද විශේෂ දේව මෙහෙය ඊයේ පෙරවරුවේ වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දී පැවැත්වුණු අතර ජනාධිපතිතුමා සහ එම මැතිණිය මෙම අවස්ථාවටද සහභාගී වූහ.

     

    SDF

    president.jpglondon

     

    president.jpglondon1

     

    president.jpglondon2

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya