මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ලන්ඩන් බෞද්ධ විහාරය වැඳ පුදා ගනී

    මාර්තු 11, 2015
    දෙවන එළිසෙබෙත් මහ රැජිනගේ ආරාධනාවකට අනුව බ්‍රිතාන්‍ය සංචාරයක නිරතවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (10) ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයට පැමිණ එය වැඳ පුදා ගත්තේය.
     
    ලන්ඩන් නුවර බෞද්ධ විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවඳුක් විමසීය. මෙහිදී බෝගොඩ සීලවිමල ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ තවලම බන්දුල හිමි, අඹගමුවේ සෝමරතන හිමි, දේදුනුපිටිය උපනන්ද හිමි, කෝන්වැවේ අරියරතන හිමි, කළුගොමුවේ කාශ්‍යප හිමි යන ස්වාමීන් වහන්සේලා ජනාධිපතිතුමාගේ ඉදිරි වැඩපිළිවෙළට ආශිර්වාද පළ කර සෙත් පිරිත් සජ්ඣායනා කරමින් සෙත් 
    පැතූහ. 
     
    මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය වැඩ බලන මහ කොමසාරිස් ආචාර්ය චානක තල්පහේවා මහතා ද එක්ව සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya