මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මෛත්‍රී අද බ්‍රිතාන්‍ය අගමැති හමුවේ

    මාර්තු 10, 2015
    බ්‍රිතාන්‍යයේ සිව්දින නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (10) බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් (David Cameron) මහතා හමුවීමට නියමිතය. ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම හමුව පැවැත්වේ.
     
    මෙහිදී දෙරටට වැදගත් කරුණු සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
     
    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට  සහභාගිවීමට නියමිතය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය 07දා ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya