මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැංකු අණකර අක‍්‍රමිකතා සෙවීමට ත්‍රී පුද්ගල කමිටුවක්

    මාර්තු 10, 2015
    ශී‍්‍ර ලංකා මහ බැංකුව මගින් බැංකු අණකර නිකුත් කිරීමේ දී අක‍්‍රමිකතා සිදු වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ ව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ විශේෂ අවධානය යොමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ත්‍රී පුද්ගල කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
     
    ඒ අනුව මේ පිළිබඳ යථා තත්ත්වය වාර්තා කිරීම සඳහා ත්‍රී පුද්ගල කමිටුවක් පත්කිරීමට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් දී තිබේ.
     
    එම කමිටුවේ විමර්ශන මත මෙම බැංකු අණකර නිකුත් කිරීමේ දී යම් අක‍්‍රමිකතාවක් සිදු වී ඇති බවට හෙළිදරව් වන්නේ නම් එයට සම්බන්ධ බවට වාර්තා වන කවර මට්ටමක හෝ නිලධාරින්ට හෝ පුද්ගලයන්ට එරෙහි ව නීති ප‍්‍රකාරව දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya