මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය නායකයන් වෙනුවෙන් බකිංහැම් මාලිගාවේ විශේෂ රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක්

    මාර්තු 09, 2015
    බි‍්‍රතාන්‍ය මහ රැජණගේ ප‍්‍රධානත්වයෙන් අද (09) දින එක්සත් රාජධානියේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උළෙලට සහභාගීවීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද සහභාගි වීමට නියමිතය.
     
    ජනාධිපතිතුමා එක්සත් රාජධානියේ සිදු කරන මෙම සිව්දින නිල සංචාරය තුළ එරට අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායම සමඟ ද සාකච්ඡා පවත්වනු ඇත.
     
    එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩල දින සැමරුම් උළෙලට සහභාගී වන රාජ්‍ය නායකයන් වෙනුවෙන් බි‍්‍රතාන්‍ය මහ රැජණ බකිංහැම් මාලිගාවේ පිරිනමනු ලබන විශේෂ රාති‍්‍ර භෝජන සංග‍්‍රහයට ද ජනාධිපතිතුමා සහභාගී වනු ඇත.
     
    ශී‍්‍ර ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වයට පත් වූයේ 2013 වසරේ කොළඹ දී පැවති පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදීය.
     
    ජනාධිපතිතුමා පොදුරාජ්‍ය මණ්ඩලය වෙතට ගෙන යන පණිවුඩය නම් ජනවාරි 08දා පැවති ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ පසු පත් වූ නව රජය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙනුත් පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ සබඳතා සවිමත් කර ගැනීම සම්බන්ධයෙනුත් දරන ආකල්පයි.
     
    නව රජය පොදුරාජ්‍ය මණ්ඩලයීය අගයන් ශී‍්‍ර ලංකාවේ සවිමත් කිරීමට දරන ප‍්‍රයන්තයන් සහ ඒ සඳහා කි‍්‍රයාත්මක කරන වැඩසටහන් සාමාජික රටවලට පැහැදිලි කර දීමට ජනාධිපතිතුමා මෙම අවස්ථාව උපයෝගී කර ගනු ඇත.
     
    රජයේ දින 100 වැඩසටහනට අඩංගු වන කරුණු බොහෝමයක් පොදුරාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රාථමික ප‍්‍රතිපත්තීන්ට අයත් වන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, අන්‍යොන්‍ය ගෞරවය, ඉවසීම හා අවබෝධය, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස බලතල වෙන්ව තැබීම, නීතියේ ආධිපත්‍ය, යහ පාලනය, තිරසාර සංවර්ධනය, ස්තී‍්‍ර පුරුෂ සමානාත්මතාව ඒ අතර වෙයි.
     
    ජනාධිපතිතුමා මේ අවස්ථාවේ දී රටේ ජාතීන් අතරත්, විවිධ ආගම් පිළිපඳින ජන කොටස් අතරත්, සංහිඳියාව ඇති කිරීමටත්, විවිධ දේශපාලන පක්ෂ අතර සංහිඳියාව තුළින් අර්ථාන්විත ප‍්‍රජාතන්ත‍්‍රවාදී නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමටත් කි‍්‍රයාත්මක කරන වැඩසටහන් පිළිබඳ ව පොදුරාජ්‍ය මණ්ඩලය දැනුවත් කරනු ඇත.
     
    ඒ අතර ම එතුමා මෙරටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනවල ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා අධිකරණ, පොලිස්, මැතිවරණ සහ විගණන ආයතන සඳහා ස්වාධීන කොමිසම් පත් කිරීමට ගෙන ඇති පියවර සෙසු නායකයන්ට විස්තර කරනු ඇත.
     
    දැනටමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහ පාලනය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලයීය අගයන්ට අනුකූලව තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමේ පනතක් ගෙන ඒමේ අභිප‍්‍රාය සම්බන්ධයෙන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ නීතිය නොබෝදා කි‍්‍රයාත්මක කර තිබෙන බව ද පෙන්වා දෙනු ඇත.
     
    ජනාධිපතිතුමා මෙම චාරිකාවේදී පොදු රාජ්‍ය මණ්ඩලයේ මාල්බරෝ ප‍්‍රතිපත්තීන්ට ඇතුළත් වන රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා සහ අදහස් විමසීම් දිගින් දිගමට කර ගෙන යාම, ජාතික මානව හිමිකම් ආයතන දියුණුකර ගැනීම හා ඒවා සමඟ නිරත්තර සබඳතා ඇති කර ගැනීම, කලාපීය ආයතන සහ සිවිල් සමාජ ආයතන සමඟ දිගින් දිගට අදහස් හුවමාරු කර ගැනීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත‍්‍රණ සහ ජාතික මානව හිමිකම් ආයතන අතර සම්බන්ධීකරණය තුළින් මානව හිමිකම් සුරැකීමටත් වර්ධනය කිරිමටත් පියවර ගැනීමට රජයේ වූ කැපවීම යළි සනාථ කරනු ඇත.
     
    එමෙන් ජනාධිපති සිරිසේන මැතිතුමා ශී‍්‍ර ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපතීත්වයට පත් වූ කොළඹ සමුළුවේ තීරණ මෝල්ටාවෙ හි පැවැත්වීමට නියමිත ඊළඟ සමුළුවට පෙර මුළුමනින්ම කි‍්‍රයාත්මක කිරීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය ගන්නා සෑම පියවරකටම ශී‍්‍ර ලංකාවේ පූර්ණ සහයෝගීතාව ලබා දීමට මෙම අවස්ථාව උපයෝගි කර ගනු ඇත.
     
    NDH/priu

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya