මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දූෂණ වාංචා සෙවීමට ජනපති නියමයෙන් කොමිසමක්

    මාර්තු 09, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි බරපතල දූෂණ වාංචා මෙන් ම රාජ්‍ය සම්පත්, වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කොමිසන් සභාවක් පත් කර ඇත.
     
    ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ජනාධිපති නීතිඥ වෑවගේ ප්‍රියසාද් ඩෙප්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර අනිල්  ගුණරත්න, මහාධිකරණ විනිශ්චයකාර ගිහාන් කුලතුංග, විශ්‍රාමික විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ සහ විශ්‍රාමික අතිරේක  සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයියතුරෙයි ඥානදාසන් යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් මෙම කොමිසන් 
    සභාව පත් කොට ඇත්තේ පරීක්ෂණ කොමිසන් සභා පනත යටතේය.
     
    බරපතල වංචා දූෂණ සහ රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳ සොයා බලා කඩිනම් සහ විධිමත් ක්‍රියාමාර්ග ගැනීම මෙහි මූලික කාර්යභාරය වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya