නොවැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකාවට

    මාර්තු 06, 2015

    ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මිනෝරු කියුචි (Minoru Kiuchi) මහතා, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දිගු කාලීන සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් නිල සංචාරයක් සඳහා හෙට දින (08) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.


    මෙම සංචාරය අතරතුර දී ජපන් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ සහ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරුන් හමුවීමට සැලසුම් කර ඇත.

     

    එහිදී තවදුරටත් පසුගිය ජනවාරි 08 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් පසුව බලයට පත් නව රජයේ නායකයින් සමඟ සුහද සබඳතා වර්ධනය කිරීමට දෙරට අතර ද්විපාර්ශවික සහයෝගීතාව සඳහා අනාගත ක්‍රියාමාර්ග සෙවීමට මිනෝරු කියුචි මහතා අපේක්ෂා කරයි.

     

    ජපන් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා මීට පෙර ජපන් විදේශ කටයුතු පිළිබඳ උප ඇමති ලෙස සිටියදී  2013  සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya