මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි මහ මැතිවරණය නව ක්‍රමයකට

    මාර්තු 06, 2015
    එළැඹෙන මැතිවරණයේ සිට දැනට පවත්නා මැතිවරණ ක්‍රමය සංශෝධනය කොට නව ඡන්ද ක්‍රමයක් යටතේ මැතිවරණය පැවැත්වීමට රජය තීරණය කොට ඇති බවත් ඒ අනුව නව ක්‍රමය යටතේ පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රථමව පවත්වන බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    අමාත්‍ය සේනාරත්න මහතා මේ බව සඳහන් කළේ ඊයේ (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
     
    නව මැතිවරණ ක්‍රමය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා අතර ම මෙම නව සංශෝධන යටතේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා ද එකඟතාව පළකර කොට ඇත. 
     
    ඒ අනුව කේවල සහ සමානුපාතික ඡන්ද ක්‍රමයන් හි මිශ්‍රණයකින් ආසනයකට වගකියන මන්ත්‍රීවරයෙකු තෝරාගත හැකිවන අයුරින් වර්තමානයේ පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට රජය අපේක්ෂා කරයි. 
     
    ජන අනුපාතය සහ රටේ භූමි ප්‍රමාණය ආදිය තීරණය කිරීමෙන් පසුව මේ සංශෝධන කඩිනමින් ගෙන එන බව සඳහන් කළ රාජිත සේනාරත්න මහතා මැතිවරණ කොමසාරිස්වරයා, නීතිපතිවරයා සහ මැණුම්පතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවද නව රජයේ මැතිවරණ පොරොන්දු ඉටුකරමින් එළැඹෙන මැතිවරණය නව ක්‍රමය යටතේ පැවැත්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    මෙම නව මැතිවරණ සංශෝධනය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිත ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර ඉන් අනතුරුව ජනතාවගේ මතය වෙනුවෙන් ඉදිරිපත් කරන බවද ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අවශ්‍ය ද යන්න පිළිබඳ ව ඉන් අනතුරුව තීරණය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya