අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි හෙට දිවයිනට

    මාර්තු 05, 2015
    දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය හෙට (06) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
     
    මාර්තු 13 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර ඒ සම්බන්ධ පෙරසූදානමක් ලෙස අන්‍යෝන්‍ය ද්විපාර්ශවීය සම්බන්ධතා වර්ධනය සඳහා ඉන්දීය විදේශ ඇමතිවරිය මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.
     
    සංචාරය අතරතුර සුෂ්මා ස්වරාජ් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
     
    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සිය ශ්‍රී ලංකා සංචාරයේ දී යාපනය, අනුරාධපුරය සහ මහනුවර යන ප්‍රදේශය
    න් හි සංචාරය කිරීමට නියමිත අතර වතු නිවාස යෝජනා ක්‍රම‍ය ද නිරීක්‍ෂණය කිරීමට නියමිතය.
     
    වසර 25කට පසුව ඉන්දීය අගමැතිවරයෙක් ද්වීපාර්ශවික සාකච්ඡා සඳහා මෙරට සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙය වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya