මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මියන්මාර ධීවරයින් බේරා ගැනීමට පියවර ගන්නවා- ඇමැති ජෝසප් මයිකල් පෙරේරා

    මාර්තු 04, 2015

    මියන්මාර අත්අඩංගුවේ සිටින ධීවරයින් බේරා ගැනීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන තිබෙන බවත් ධීවරයින් හා ධීවර යාත්‍රා එකවර නිදහස් කරගැනීමේ ගැටලුව තිබෙන බවත් ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (04) ධිවර අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේ දීය. අත්අඩංගුවේ සිටින ධීවර නියෝජිතයින් කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා ගෙන ඇති පියවර එහි දී පැහැදිලි කෙරිණ.

    ත්‍රිකුණාමලය සහ කුඩාවැල්ල ධිවර වරායන්ගෙන් කර්මාන්ත කටයුතු සඳහා පිටත්ව ගිය ධිවරයන් 17 දෙනෙක් මෙලෙස මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් පසුගිය ඔක්තෝම්බර් 06 වැනිදා සිට මියන්මාර අත්අඩංගුවේ පසුවෙති. “සංජනා 06”, “සන්සිටි 09”, ”රෝහණ 02” යන යාත්‍රා ද මේ වනවිට මියන්මාරය භාරයේ පවතී. දැනට ඔවුන් අධිකරණය ක්‍රියාදාමයක් මඟින් බන්ධනාගාර ගත කර සිටින අතර මීළඟ නඩු දිනය වන්නේ ලබන 12 වැනිදා වේ.

    කෙසේ වෙතත් ඔවුන් නිදහස් කර ගැනීම සඳහා තමා මේ වනවිට මියන්මාරයේ ධීවර අමාත්‍යවරයා වෙත ලිපි මගින් ඉල්ලීමක් ද කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    මෙම යාත්‍රා සිය භාරයට ගෙන ධීවර පිරිස අත්අඩංගුවට ගත්තේ තම මුහුදු සීමාවන්ට ඇතුලු වී මසුන් මැරීමේ නිරත වෙමින් සිටිය දී බව මියන්මාරය සාක්ෂි සහිතව දන්වා තිබේ. එලෙස ධීවර කර්මාන්ත කටයුතු කිරීම සම්බන්ධයෙන් මියන්මාර රජය සාමාන්‍යයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරයි. එහෙත් අත්අඩංගුවේ සිටින ඇතැම් ධීවරයින් යාත්‍රා නොමැතිව නැවත ශ්‍රී ලංකාවට නොඑන බවට දැඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටී.
    කෙසේ වෙතත් තමාට මෙහිදී ප්‍රමුඛත්වය ලබා දීමට සිදුවන්නේ ධීවරයින් නිදහස් කර ගැනීමට බව ධීවර අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ධීවර යාත්‍රා නිදහස් කිරීම සම්බන්ධයෙන් දෙවනුව සාකච්ඡා කල හැකි බවයි. එසේ නොමැතිව ධීවරයින් මෙන්ම යාත්‍රා ද එකවර නිදහස් කරන්නැයි දිගින් දිගටම මියන්මාරයෙන් ඉල්ලා සිටීමෙන් සිදු වන්නේ ධීවරයින් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙහිදී අමාත්‍යවරයා මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් අමතමින් මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග වලදී තවදුරටත් සහය ලබා දෙන්නැයි ඉල්ලීමක් ද කලේය. මෙම සාකච්ඡාවට ධීවර රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya