මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය ගැසට් කෙරේ

    පෙබරවාරි 16, 2015

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට ගැනෙන විෂයයන් හා කාර්යයන් රජයේ අතිවිශේස ගැසට් පත්‍රය මඟින් දක්වා තිබෙන අතර එය පසුගිය 10 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

    ඒ අනුව ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, රණවිරු සේවා අධිකාරිය, ආරක්ෂක සේවා පාසල, ජාතික ශීෂ්‍යබට බලකාය යන ආයතන මෙම අමාත්‍යාංශය යටතට ගැනේ.

     

    ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය පනත (2008 අංක 05), රණවිරු සේවා අධිකාරීය පනත යන පනත්වල නීතිය ක්‍රියාත්මක කිරීම ද මෙම අමාත්‍යාංශය මඟින් සිදු කළේය.

     

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45 වැනි ව්‍යවස්ථාවේ (1)(2) අනු ව්‍යවස්ථාව යටතේ පත් කරන ලද අමාත්‍යවරුන්ට පැවරෙන විෂයයන් හා කාර්යයන් සහ දෙපාර්තමේන්තු,ව්‍යවස්ථාපිත ආයතන රාජ්‍ය ‍සංස්ථා සඳහා නිකුත් කරන ලද අති‍විශේෂ ගැසට් පත්‍රය අනුව මෙම විෂය පථය දක්වා තිබේ.

     

    නව රජය මඟින් පත් කරන ලද රාජ්‍ය අමාත්‍යාවරුන්ගේ විෂය පථය යටතට එන ආයතන හා වගකීම් ද ගැසට් මඟින් ප්‍රකාශ කළ යුතු යැයි පසුගියදා රැස් වූ අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී තීරණයකට එළඹිණ.ඒ අනුව අනෙකුත් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්ය භාර්ය හා වගකීම් පිළිබඳව ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya