සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩබලන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා සරත් කුමාර ගුණරත්න Featured

    නොවැම්බර් 25, 2014
    ජුදාස් රිදී තිහට ජේසුතුමන් පාවා දුන් අයුරින් ම මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී.ල.නි.ප. මහ ලේකම්වරයා ලෙස පක‍්ෂයත් එහි නායක ජනාධිපතිතුමත් පාවා දුන් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය (වැ.බ.) සරත් කුමාර ගුණරත්න මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ දී සිය අමාත්‍ය ධූරයේ වැඩ භාරගනිමිනි.
     
    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා "රිදී තිහට අවසන් භෝජන සංග්‍රහයේ දී ජේසුතුමන් පාවා දුන් ජුදාස්ට පසුව ගෙල වැළලා ගැනීමට සිදුවූයේ යැයි ද අමාත්‍යවරයා කීය. එක තේ මේසයේ සිට ආප්ප කමින් සුහද පිළිසඳරේ යෙදුණු මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී.ල.නි.ප. පාවා දුන් බව ද එදා පරම සතුරා ලෙස හඳුන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමට ඔහු විපක‍්ෂයට පැන ගිය බව ද ඒ මහතා සඳහන් කළේය.
     
    එදා රිදී තිහ මෙන් කොන්ත්‍රාත්තුවක් අනුව ඔහු පැන්නා ද යන්න දැන් සැක මතුවන බවත් ශ්‍රී.ල.නි.ප. පාක‍්ෂිකයන්ද මේ පිළිබඳ ප්‍රශ්න කරන බවත් කී හෙතෙම පක‍්ෂය පාවා දුන් ඔහුට ඡන්ද දායකයන් නිසි දඬුවම් ඉක්මනින්ම ලබා දෙනු ඇති බවත් කීය.
     
    ජුදාස්ගේ පාවාදීම මත ජේසුතුමන් කුරුසියේ ඇණ ගැසූව ද එතුමාගේ තිබූ උත්සාහයෙන් නැවත දේවත්වයට පත්වූ බව ද මෙවන් කඩාකප්පල්කාරී පාවාදීම් සිදු කළ ද ජනාධිපතිතුමන් ඉන් අධෛර්ය නොවී මේ රට තිබුණටත් වඩා සාර්ථක කර ඉදිරි ජනාධිපතිවරණය පසුගිය වරටත් වඩා ජයග්‍රහණයක් අත්කර ගන්නා බව ද සඳහන් කළේය.
     
    ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂය කිසිදිනක විනාශ කළ හැකි පක‍්ෂයක් නොවෙයි. මේ රටේ මිනිස්සු මෙම පක‍්ෂයට ආදරේ කරන්නේ තම ජීවිතය හා සමානවයි. ධීවර ඇමතිකම ධීවර ජනතාවගේ ගැටලු විසඳීමටයි මා යොදාගන්නේ. ජනාධිපතිතුමා මේ අමාත්‍යාංශයේ ඇමතිතුමයි. මම එතුමා යටතේ වැඩ බලන ඇමතිතුමයි. ඒනිසා මෙම කාර්යය කරන්නට වඩාත් පහසුයි. ඉතිහාසයේ ධීවර අමාත්‍යවරයෙක් වශයෙන් වඩාත් ඵලදායී අමාත්‍යාංශයක් කළේ ජනාධිපතිතුමා ධීවර ඇමතිවරයා ඉන්නා කාලයේදීය. ඒ නිසා ඉදිරියේ දී ජනාධිපතිතුමාගේ උපදෙස් ලබා ගෙන වඩා ඵලදායී අමාත්‍යාංශයක් බවට පත්කරන බව ද සඳහන් කළේය.
     
    හිටපු අමාත්‍යතුමා රාජිත සේනාරත්න මහතා කළ හැකි බොහෝ දේ අමාත්‍යාංශයට කළත් ඔහුත් අවසානයේ  කළ කාර්යය කිසිවෙකුටවත් අනුමත කළ නොහැකියි. එය ඔහු ගත් තීරණයක් නිසා මා හට කිසිවක් ඒ සම්බන්ධයෙන් කිව නොහැකියි. රට නිදහස් කොට රට සංවර්ධනය කරා ගෙන යන මේ රජය කළ මෙහෙය මේ රටේ ජනතාව කිසිදිනක අමතක නොකරනු ඇත. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයේදී විශිෂ්ට ලෙස ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කරන බවත් එය වෙනුවෙන් සමස්ත ධීවර ජනතාව පෙරමුණ ගෙන ක්‍රියාකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා, අමාත්‍යාංශ ලේකම්, අමාත්‍යාංශ නිලධාරී මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya