සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් පක්ෂය පාවා දී තිබෙනවා

    නොවැම්බර් 23, 2014

    පක්ෂයෙන් ඉවත් වූ පිරිස දෙස් විදෙස් සතුරන්ගේ ඕනෑ එපාකම් ඉටු කිරීමට හා පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් පක්ෂය පාවා දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්, ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.


    මේ පිරිස දේශපාලනයේ යෙදී ඇත්තේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට වඩා පෞද්ගලික කරුණු ඉටුකර ගැනීමට බව ඔවුන් කියන කරන දෙයින් තහවුරු වන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසීය.


    මේ පිරිස දේශපාලන වනාන්තරයක අතරමංවී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර ගිය සියලු දෙනාට ම වුයේ අනාථයන් බවට පත් වීමටයි. දේශපාලන වනාන්තරයේ හුදකලා වීම මිස අන් සුගතියක් ඔවුන්ට අත් වන්නේ නෑ. නව ධනේෂ්වර චින්තනයක් සහිත ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ යැයි කියා ගන්නා පුද්ගලයින් හැර සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවකු පක්ෂය හැරයෑම හෝ පාවාදීම මේ අවස්ථාවේ නොකරන බවද ඒ මහතා කීය.

     

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වඩාත් ශක්තිමත් වුණේ මහින්ද රාපක්ෂ මැතිතුමා ජනාධිපති වුණාට පසුවයි. පළාත් සභා නවයෙන් අටක ම බලය ලබාගන්නත් ඒ වගේ ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වැඩි ම මන්ත්‍රීවරු පිරිසක් බිහි කරගන්න, පළාත් පාලන ආයතනවලින් සියයට අනූවකට වඩා බලය ගන්න පුළුවන් වුණෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වීම නිසයි. එම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තරම් ශක්තිමත් හා බලවත් වුණ යුගයක් අපි මීට පෙර දැකලා නැහැ.

     

    මේ රටේ දැවැන ප්‍රශ්න ගණනාවක් විසඳන්න ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට හැකි වුණා. මීට පෙර හිටපු ජනාධිපතිවරුන් හා රනිල් වික්‍රමසිංහ මහත්මයා කළේ බේදුම්වාදය විසඳනවා වෙනුවට එය තවත් ශක්තිමත් කරපු එක විතරයි. වික්‍රමසිංහ මහත්මයා ප්‍රභාකරන්නට ගිවිසුමක් මගින් උතුරු නැගෙනහිර බාරදුන්නා. එතුමා තමයි මේ රටේ ඉන්න අපකීර්තිමත් මෙන් ම ජනතාව ඉදිරියේ හෑල්ලු වුණ එකම නායකයා. මෙම බෙදුම්වාදය ජාත්‍යන්තරකරණය කළෙත් මේ නායකයායි.

     

    ජනාධිපතිතුමා ත්‍රස්තවාදය අවසන් කරලා ආර්ථිකය හා දේශපාලනය ශක්තිමත් කරන්න කටයුතු කළා. මේ රටේ ආයතන පෞද්ගලීකරණය නතර කරලා ආර්ථික මර්මස්ථාන අපි සතුව තියාගත්තා. දේශීයත්වට මුල්තැන දුන්නා. ජනතා අභිලාෂයන් තේරුම්ගෙන ඒ අනුව කටයුතු කලා. අපි කවදාවත් වෙල් ගොඩකරලා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් කියලා හිතපු දේශපාලන පක්ෂයක් නෙවෙයි. අපි මේ රටේ සංවර්ධනයේ පෙරළියක් කළා. ස්වදේශීකයින්ගේ දූ පුතුන්ට දේශපාලනයේ යෙදෙන්න අවස්ථාව උදාකර දුන්නා. ඒකයි මම මුලදිත් කිව්වේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණා නම් ඒ මේ ජනාධිපතිතුමා යටතේ විතරයි.

     

    මම නව තනතුරේ වැඩ කරද්දි සියලුම ජ්‍යෙෂ්ඨයන්ගෙන් කරුණු විමසලා තමයි වැඩ කරන්නේ. එහෙම නැතිව අත්තනෝමතිකව වැඩකරන පුද්ගලයෙක් නෙවෙයි මම. මට ලැබුණ මේ තනතුර මම බබලවා ගන්න නෙවෙයි පක්ෂය බබලවන්න යොදාගන්නවා. ඒ සඳහා කැපවෙනවා යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.


    HC/NK

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya