අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක ලේකම් මැලේසියානු අගමැති හමුවේ Featured

    අප්‍රේල් 20, 2014

    මැලේසියාවේ සංචාරයක නිරත වූ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මැලේසියානු අග්‍රාමාත්‍ය මොහොමඩ් නජීබ් බින් ටුන් රසාක් මැතිතුමා මුණ ගැසී සාකච්ඡා පවත්වා තිබේ.


    මලයාසියාවේ පුත්‍රජයාහි 14 වන ආරක්ෂක සේවා ප්‍රදර්ශනය හා සමුළුවට සහභාගීවිම සඳහා එහි ගොස් සිටි ආරක්ෂක ලේකම්වරයා ඉකුත් 16 වැනි දා රසාක් මැතිතුමා හමු වී තිබේ.


    මෑතකදී අතුරුදහන්වූ එම්.එච්. 370 ගුවන් යානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනතාවගේ හා රජයේ ශෝකය මැලේසියානු අග්‍රාමත්‍යවරයා වෙත පිරිනමා සිටි රාජපක්ෂ මහතා ආරක්ෂාව පිළිබඳව දෙරටටම වැදගත්වන කරුණු පිළිබඳවද මෙහිදී රාජපක්ෂ මහතා හා මැලේසියානු අගමැතිතුමා අතර අදහස් හුවමාරු කරගන්නා ලදී.


    එසේම මැලේසියානු අග්‍රාමාත්‍යවරයා විසින් මෙහිදී මෑතකදී ශ්‍රී ලංකාවේ පවත්වනු ලැබූ රාජ්‍ය නායකයින්‍ගේ සමුළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් කරන ලද කාර්යභාරය හා ආගන්තුක සත්කාරය පිළිබඳවද ශ්‍රී ලංකාව ඇගයීමට භාජනය කරන ලදී.


    මෙම සංචාරයේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මැලේසියානු ආරක්ෂක අමාත්‍ය ෂෙරි හිස්හමුදින් බින් හුසේන් මහතා, මැලේසියානු පෙඩරල් ටෙරටරි අමාත්‍ය ඇඩ්නන් බින් ටෙන්ග්කු මන්ෂූර් මහතා, පුත්‍රජයා සමුළුවේ සභාපති අෂෙශ් බින් හජි චා මැට් මහතාද මුණගැසී සාකච්ඡා කළ අතර එරට ඇති බෞද්ධ මහා විහාරයට ගොස් ආගමික වතාවක් සිදු කිරීමටද අමතක නොකළේය.


    එසේම ආරක්ෂක ලේකම්වරයා මෙම සංචාරයේදී ආසියා ආරක්ෂක සේවා ප්‍රදර්ශණය නැරඹීමටද ගියේය.


    මෙම සංචාරය සඳහා මැලෙසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඊබ්‍රාහිම් අන්සර්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, මේජර් ජෙනරාල් ලලිත් දවුලගල, නියෝජ්‍ය මහ කොමසාරිස් මේජර් ජෙනරාල් සුමිත් මානවඩුගේ, රියර් අද්මිරාල් එන්.ඩී.කේ. නානායක්කාර හා නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් යන මහත්වරුද සහභාගි වුහ.


    HC/mod

    Secretary Defenece Visits Malaysia 1

    Secretary Defenece Visits Malaysia 2

    Secretary Defenece Visits Malaysia 3

    Secretary Defenece Visits Malaysia 4

    Secretary Defenece Visits Malaysia 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya