මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොහෝ ප්‍රදේශවලට වැසි - කටුගස්තොටට මහ වැසි - රත්නපුරට ඝන මීදුම Featured

    ඔක්තෝබර් 22, 2014

    අද (22) දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 139.6ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මීදුම සහිත තත්ත්වයක් අනුරාධපුර, බදුල්ල, බණ්ඩාරවෙල සහ කටුගස්තොටින් ද ඝන මීදුම තත්ත්වයක් රත්නපුරයෙන් ද වාර්තා වී තිබේ.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ සමහර ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇති විය හැක.


    බස්නාහිර, දකුණු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තරමක තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය                                            

         
    නුවරඑළියට මහනුවරට අනුරාධපුරයට ත්‍රිකුණාමලයට අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    මන්නාරමට රත්නපුරයට ගාල්ලට කොළඹට උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    යාපනයට උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    මඩකළපුවට උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය                                                      


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 139.6ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද  මි.මී. 42.3ක වර්ෂාපතනයක් බණ්ඩාරවෙලින් ද මි.මී. 30.6ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 40.9ක වර්ෂාපතනයක් බදුල්ලෙන් ද  මි.මී. 41.3ක වර්ෂාපතනයක් කටුනායකින් ද 24.3ක වර්ෂාපතනයක් කුරුණෑගලින් ද මි.මී. 38.9ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 30.4ක වර්ෂාපතනයක් රත්නපුරින් ද  මි.මී. 61.5ක වර්ෂාපතනයක් මොනරාගලින් ද මි.මී. 26.6ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද  මි.මී. 14.4ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද  වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.°C අනුරාධපුර, මඩකළපුව සහ ත්‍රීකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.0°C පොලොන්නරුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0°C නුවරඑළියෙන් ද මි.මී. 183.7ක උපරිම වර්ෂාපතනය පොලොන්නරුව ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya