මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙරළබඩ මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ

    ඔක්තෝබර් 13, 2014
    සංවර්ධන කටයුත්තක් හේතුවෙන් වැල්ලවත්තේ  සිට කොල්ලුපිටිය දක්වා වෙරළබඩ මාර්ගයේ අද (13) සිට රථ වාහන ගමනාගමනය සීමා කරන බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි.
     
    ඒ අනුව පෙරවරු 7.00 සිට පෙරවරු 9.30 දක්වා වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේ නෙල්සන් පාර හන්දියේ සිට චාර්ලිමන්ට් පාර හන්දිය දක්වා කොළඹ දෙසට පමණක් රථ වාහන ගමනාගමනය සිදු කෙරේ.
     
    එමෙන්ම පස්වරු 4.00 සිට පස්වරු 6.30 දක්වා වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේ චාර්ලිමන්ට් පාර හන්දියේ සිට නෙල්සන් පාර හන්දිය දක්වා දෙහිවල දෙසට පමණක් රථ වාහන ගමනාගමනය සිදු කරනු ඇත.
     
    රජයේ නිවාඩු දින හැර සතියේ දිනවල පමණක් මෙලෙස රථ වාහන ධාවනය සීමා කෙරෙනු ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya