ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ තරුණ නියෝජිතයන් අතර හමුවක්

    ජූනි 01, 2024

    ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන තරුණ සහභාගීත්ව වැඩසටහනේ එක් අංගයක් ලෙස “තරුණ කතිකාවත – හෙට දවසේ ශ්‍රී ලාංකීය තරුණ නායකයින්“ යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තරුණ නියෝජිතයින් අතර හමුවක් පසුගියදා  (30)ජනාධිපති නිල නිවසේදී පැවැත්විණ.

    රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතින නව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසාධන ප්‍රයත්නයන් ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

    ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මඟ සාර්ථක කර ගැනීමට නම් තරුණ සහභාගීත්වය අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‍මෙම හමුවේදී අවධාරණය කළේය.

    තරුණ තරුණියන් මතු කළ ප්‍රශ්නවලට ද සාධනීය පිළිතුරු ලබා දුන් ජනාධිපතිවරයා අනාගත ශ්‍රී ලංකාව නිර්මාණය කිරීම වෙනුවෙන් මෙරට තරුණ ප්‍රජාව තුළ පවතින උද්යෝගය අගය කළේය.

    එමෙන්ම රටේ ඉදිරි ගමන වෙනුවෙන් තරුණ ප්‍රජාව ඵලදායීව දායක කර ගැනීම සඳහා සහ ඔවුන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නංවන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න, තරුණ කටයුතු හා තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya