මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    800 වැනි නැණසල මධ්‍යස්ථානය අද විවෘත කෙරේ

    අගෝස්තු 28, 2014

    800 වැනි නැණසල මධ්‍යස්ථානය ‍අද ( 28 ) කුරුණෑගල, තාවල්ල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී විවෘත කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

     

    2005 වසරේ 4%ක් ව පැවති ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ මට්ටම මේ වන විට 50%ක මට්ටමකට ළඟා වී ඇත.
     

    2016 වන විට තොරතුරු තාක්ෂණ මට්ටම 75% වැනි ජාතික ඉලක්කයක් කරා ළඟා වීමට ඉලක්ක කර ඇත. ඒ අනුව 2020 වන විට රට තුළ පවතින ග්‍රාම සේවා වසම් 14,000 තුළ ම නැණසල මධ්‍යස්ථාන 14,000ක් ආරම්භ කිරීම රජයේ අරමුණ වී ඇති බව තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය පෙන්වා දෙයි.

    තොරතුරු තාක්ෂණ අභියෝගතා ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මගින් ආරම්භ කළ නැණසල ලොව විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ වැඩසටහනට හිමි සම්මානය ද පසුගියදා හිමිකර ගත්තේය. 


    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නැණසල දහස සංකල්පය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කෙරෙන වන 61 වන නැණසල මධ්‍යස්ථානය මෙය වේ.
     

    මුලික පරිගණක පුහුණුව, අන්තර්ජාල පහසුකම්, ඉ-මේල් පහසුකම් ඇතුළු සේවාවන් රැසක් මෙහිදී ලබා ගත හැකි බව  නියෝජිතායතනය පවසයි.

    විදුලිසංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අමාත්‍යංශ ලේකම් ගෝඨාභය ජයරත්න තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කෙරේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya