මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන්නි ආරක්ෂක හමුදා මූලස්ථානයෙන් වන්නි ජනතාවට සහන

    අගෝස්තු 27, 2014
    වන්නි ප්‍රදේශයේ නියඟයෙන් පීඩා විඳින ජනතාවගේ හදිසි පානීය ජල හා වියළි ආහාර 
    අවශ්‍යතාව හඳුනාගත් වන්නි ආරක්ෂක බලකා මූලස්ථානය පසුගිය දින කිහිපයෙහි 
    පරිත්‍යාගශීලීන්ගේ සහය ලබා ගනිමින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පියවර ගෙන තිබේ.
     
    62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ජී.ඩී. පෙරේරා මහතාගේ මඟපෙන්වීම අනුව එම සේනාංකයේ සෙබළුන් යුද හමුදාවේ බවුසර් රථ යොදාගනිමින් ජලය සපයා දෙන ලද අතර කිලෝ 10 බැගින් වූ සහල් පැකට් 200ක් එම ප්‍රදේශයේ පවුල් වෙත බෙදා දී තිබේ. 
     
    මේ සඳහා වන්නි ආරක්ෂක බලකා මූලස්ථානයේ ඉල්ලීම මත ශ‍්‍රී ලංකා ඔටෝ-ස්පෝර්ට්ස් ධාවකයින්ගේ සංගමයේ (SLADA) සභාපති යෝගා පෙරේරා මහතා විසින් එම සහල් පරිත්‍යාග කරන ලද අතර මහේෂ් ගම්මන්පිල සහ රිෂ්වා ෆාරුක් මහත්වරුන් ද එම වියලි ආහාර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් ව සිටියහ.
     
    වියළි ආහාර ද්‍රව්‍ය රැගෙන පැමිණි ස්වාමීන් වහන්සේලා පිරිසක් බෝගස්වැව 1 හා 2 
    ගම්මානවලට ද නාමල්ගම, සැලළිහිණි ගම සහ නන්දිමිත්‍රගම යන ගම්වල පීඩාවට පත් ව සිටි පවුල් 228කට ඒවා බෙදා දෙන ලදහ. පූජ්‍ය හෙට්ටිමුල්ලේ සිද්ධාර්ථ, කෙහෙල්පන්දල චන්ද්‍රාලෝක, මුතුතන්කුලමේ විමලජෝති යන ස්වාමීන්වහන්සේලා ඇතුළු හිමිවරුන් කිහිපනමක් මේ අවස්ථාවට වැඩම කර සිටියහ. 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩී.ඒ.ආර්. රණවක මහතා ඇතුළු යුද හමුදාවේ නිලධාරීන් සහ ගම්වාසීන් රැසක් මේ අවස්ථාවට එක් වූහ. 
     
    මේ අතර වන්නි ආරක්ෂක බලකා මුලස්ථානයේ ඉල්ලීම සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වතුර බවුසර කිහිපයක් බෙදාදීම සමඟ වතුර ටැංකි 16ක් හා ගබඩා කරගැනීමේ බඳුන් තොගයක් ලබාදෙන ලදී. මෙම සහන වඩාත් බලපෑමට ලක් වු මාවතවැව, අලියකඩ, මරදන්මඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව වෙත බෙදාදෙන ලදී. 
     
    මේ අවස්ථාවට වරාය අධිකාරියේ නියෝජිතයන් වන්නි ආරක්ෂක බලකා මුලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම්වරයා හා මහජනතාව සහභාගි වුහ.
     
    වැලිඔය ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාව වෙත බෙදාදීම සඳහා USRI ඉංජිනේරු සමාගමේ සභාපති එම්.පී. සෙනවිරත්න මහතා ප්‍රමුඛ සමාජ ක්‍රියාකාරීන් කණ්ඩායමක් විශාල වියළි සලාක තොගයක් පරිත්‍යාග කළහ.
     
    ඔවුන් විසින්ම එකම පවුලේ ආබාධිත දරු දෙදෙනෙකු සඳහා මුදල් ආධාර ප්‍රදානයක් ද කරන ලදී.
     
    හාල් කිලෝ 10ක්, පරිප්පු කිලෝ 01ක්, ලොකු ලූනු කිලෝ 01ක්, සීනි කිලෝ 01ක්, ලුණු කිලෝ 01ක් සහ තේ කොළ, මිරිස් කුඩු, තුනපහ කුඩු, පොල් තෙල් සහ පොල්වලින්  වියළි ආහාර පැකට්ටුව සමන්විත වේ. මෙම වියළි ආහාර පැකට්ටු ප්‍රදානය 621 සේනාංකයේ 9 (V) පාබල බල සේනාව විසින් සිදු කරන ලදී.
     
    පදවිය දේවස්ථානයේ කැලුම් පියතුමන්ගේ අනුග්‍රහය මත ලීටර් 05 වතුර බෝතල් 750ක් හේරත් හල්මිල්ලෑව, බෙල්ලන්කඩවල, තම්මැන්නාව හා පුංචි මුඩගම ප්‍රදේශවල ජනතාවට බෙදාදෙන ලදී. මෙය 62 වන සේනාංකය විසින් සංවිධානය කරන ලදී.
     
    DB
     
    SFHQ W 3
     
     
    SFHQ W 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya