මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අරමුදලක්

    අගෝස්තු 18, 2014

    සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අරමුදලක් පිහිටුවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.


    ආගමික සිද්ධස්ථානවල මෙන් ම මහා සංඝරත්නයේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් ද එම මුදල් යොදවමින් බුද්ධ ශාසනය ආරක්ෂා කර ගත හැකි වැඩපිළිවෙළක් සම්පාදනය කරන බව පසුගියදා උඩුනුවර, වැලිගල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමින් අග්‍රාමාත්‍යතුමා එසේ කීවේය.

     

    වැලිගල්ල, ඇල්පිටිය පොත්ගුල් විහාරාධිපති පූජ්‍යපාද අඹගමුවේ සෝරත හිමිපාණන් වහන්සේ විචිත්‍ර ධර්ම කථික ශාසන කීර්ති ශ්‍රී සෝමානන්ද යන ගෞරව නාම සහිතව මල්වතු මහ විහාර පාර්ශවයේ උඩපළාත ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබ උන්වහන්සේ පිළිගැනීම නිමිත්තෙන් විහාරස්ථානයේදී පැවැති උත්සවයේදී අග්‍රාමාත්‍යතුමා තව දුරටත් මෙසේ පැවසීය.“දුෂ්කර ප්‍රදේශවල මහා සංඝරත්නයට විවිධ ආර්ථික ගැටලු තිබෙනවා. උන්වහන්සේලා සිය දෙමාපියන් රැක බලා ගැනීම උදෙසා ඇතැම්විට උපැවිදිවීම පවා දක්නට ලැබෙනවා. මෙවැනි කරුණු කාරණා හේතුවෙන් උන්වහන්සේලාගේ ආර්ථික ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා සහ සම්බුද්ධ ශාසනයේ ඉදිරි පැවැත්ම සදහා වෙනම අරමුදලක් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ ආරම්භ කිරීමට කටයුතු යොදනවා.
     

    එමෙන්ම මේ දිනවල විහාර දේවාලගම් පනත පිළිබදව අදහස් රැසක් පළවී තිබුණා. එම පනත මගින් විහාරස්ථානවල ඉඩම් සියල්ල ම ආරක්ෂා වී විහාරස්ථාන, පූජනීය ස්ථානවලට අයත් ඉඩම් සියල්ල යළි එම ආයතන වෙත හිමිකර දිය හැකියි. උඩුනුවර ප්‍රදේශයේ විහාරස්ථානයකට එම පනත මගින් විහාරයට අතීතයේ අයත් ව තිබුණු සියලුම භූමි ප්‍රමාණය ලබා ගැනීමට හැකිවුණා.

    මේ නිසා අංක 1931 විහාර දේවාලගම් ඉඩම් පනත මගින් විහාර හා පූජනීය ස්ථානයන්ට අයත් ඉඩම් සියල්ල එම ස්ථානවලට යළි පවරා ගැනීම කඩිනමින් ඉටු කිරීමට හැකියාව ලැබේවි. මෙම පනත තුළින් ඉඩම්වල හිමිකම එක් අඟලකින්වත් වෙනස් නොකර විහාර වෙත යළි පවරා ගැනීමට නෛතිකමය බලය හිමිවෙනවා.

    අද සමාජයේ අපරාධ ප්‍රමාණය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පැවසුණත් සැබවින්ම බොහෝ ප්‍රදේශවල සිදුවන අපරාධ ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. නමුත් එක් ස්ථානයක සිදු වූ අපරාධයකට පුළුල් ප්‍රචාරයක් ලබා දීම නිසා එය සමස්ත සමාජයේ ම සිදු වූ, නිතරම සිදුවන අපරාධ වශයෙන් පුළුල් ලෙස ප්‍රචාරයක් ඊට ලැබෙනවා. සාපේක්ෂ වශයෙන් අපරාධ සංඛ්‍යාව අඩු මට්ටමක පැවැතියත් අප සමාජයේ මත් උවදුර ක්‍රමයෙන් වැඩිවෙමින් පවතිනවා. විශේෂයෙන් පාසල් සිසුන් අතරේ අද මත්ද්‍රව්‍ය විශාල වශයෙන් පැතිර ගොස් තිබෙන බවට වාර්තා වී තිබුණා. මත් ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ව සාමාන්‍ය පෙළ වයසේ සිසුන් දෙදහස් දෙසීයක් ඇතුළුව පාසල් සිසුන් නමදහසකට ආසන්න ප්‍රමාණයක් අද පුනරුත්ථාපනය කරමින් සිටිනවා.

    මේ තත්ත්වයෙන් අද සමාජය ආරක්ෂා කර ගැනීමට අප මූලිකත්වය ගත යුතුයි. නොඑසේ නම් මීට වඩා බරපතළ ගැටලුවලට අපට අනාගතයේදී මුහුණපෑමට සිදුවන බව ජයරත්න මැතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

    මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍යපාද නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ, දෙනුවර ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද කිරිබත් කුඹුරේ සීවලී හිමි,  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මුවඇටගම ඥානානන්ද හිමි, මල්වතු පාර්ශවයේ කාරක සංඝසභික දෙහිදෙණියේ රතනසාර හිමි ඇතුළු මහා සංඝරත්නය ද මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිශ්ශංක හේරත්, මානෙල් බණ්ඩාර, මයන්ත දිසානායක ගම්පොළ පුරපති සරත් ගාමිණී හෙට්ටිආරච්චි, උඩුනුවර ප්‍රාදේශීය සභා සභාපති බන්දුල සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya