මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාගරික සංවර්ධන අධිකාරියෙන් හැඩවෙන කුරුණෑගල පුරවරය

    අගෝස්තු 18, 2014
    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ආරම්භ කර තිබෙන කොළඹින් පිටත නගර සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ වයඹ පළාතේ අගනගරය ලෙස හා ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සලකනු ලබන කුරුණෑගල නගරයේ සංවර්ධන කටයුතු මේ වන විට සිදුකරමින් පවතී.


    මේ යටතේ කුරුණෑගල වැව රවුමේ ප්‍රතිසංස්කරණ කටයුතු යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදු කරනු ඇත. ව්‍යායාම මංතීරු හා විවේකී ස්ථාන ද ඇතුළත්ව මෙහි සංවර්ධන කටයුතු මේ දිනවල කඩිනමින් සිදුකරමින් පවතී. වැව රවුමේ ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර 3.5ක් පමණ වේ .

    දේශීය හා විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් නගරයේ ඇති කාර්ය බහුල පරිසරයෙන් මිදී සිය විනෝදාස්වාදය සඳහා පැමිණෙන මෙම ප්‍රදේශය සංවර්ධනය වීමත් සමඟම කුරුණෑගල නගරයට පැමිණෙන ජනතාවට විශාල සහනයක් අත්වනු ඇත.

    නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සකස්කර ඇති නගර සංවර්ධන ව්‍යාපෘතිය ය‍ටතේ රාජ්‍ය ආයතන 06ක් සඳහා මහල් අටකින් යුත් ගොඩනැගිල්ලක් නගර මධ්‍යයෙහි ඉදිකිරීමට ද නියමිතය.

     

    NDH/mod 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya