මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හා පවුලේ අයගේ නම භාවිත කරමින් සිදුකළ වංචනික ක්‍රියා ගැන පැමිණිලි 368ක් Featured

    අගෝස්තු 17, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ එම පවුලේ සාමාජිකයන්ගේ කීර්ති නාමයට හානි වන අයුරින් රටපුරා ඉතාමත් පහත් අන්දමින් වංචනික ක්‍රියාවල නියැළෙන පිරිස දිනෙන් දින වැඩිවෙමින් පවතින බව පොලිස් මූලස්ථානය දන්වා සිටී.
     
    මෙම වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයෙන් කළ විමසීමකදී පොලිස්පති එන්.කේ. ඉලංගකේන් මහතා පවසා සිටියේ එතුමා යටතේ පිහිටුවා ඇති පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මේ වන පැමිණිලි 368ක් ලැබී ඇති බවය.
     
    මෙම පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් විදේශීය හා දේශීය වශයෙන් රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් ලබාගැනීම, පුද්ගල අනිසි බිය වැද්දීම් වැනි විවිධ අකටයුතු සම්බන්ධයෙනි. දැනටමත් විමර්ශන කරමින් පවතින පැමිණිලි සංඛ්‍යාව 57කි. විමර්ශන අවසන් කර අධිකරණයේ දී අදාළ පාර්ශවයන් විසින් සමථයකට පත් කරගත් පැමිණිලි සංඛ්‍යාව 89කි. අධිකරණය මගින් දඬුවම් නියමකරන ලද සංඛ්‍යාව 16කි. දැනට අධිකරණයේ විභාගවෙමින් පවතින නඩු සංඛ්‍යාව 94ක් වේ. ඉදිරිපත් කරන ලද පැමිණිවලට අදාළව අත්අඩංගුවට ගන්නා ලද පිරිස 138ක් වන අතර ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට ඇති සැකකරුවන් සංඛ්‍යාව 39කි. මේ අතර ඉදිරිපත් කරන ලද අසත්‍ය පැමිණිලි හා ඉල්ලා අස්කරගත් පැමිණිලි ප්‍රමාණය 112ක් වේ.
     
    මෙලෙස ජනාධිපතිතුමාගේ සහ එතුමාගේ පවුලේ සාමාජිකයන්ගේ හිතවත්කම් භාවිත කරමින් වංචනික අයුරින් කටයුතු කිරීම තුළින් දේශීය වශයෙන් මෙන් ම විදේශීය වශයෙන් ජනාධිපතිතුමා සහ පවුලේ සාමාජිකයන්ගේ නාමය අගතියට පත්වන හෙයින් මෙම ක්‍රියාවන් මැඬලීම සඳහා විශේෂ විමර්ශන ඒකකයට අමතර ව දිවයිනේ සියලු ම පොලිසි ස්ථාන ආවරණය වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම සඳහා පොලිස් මුලස්ථානය මේ වන විට කටයුතු කර ඇත. එමගින් පුද්ගල තරාතිරම නොබලා එවැනි සිද්ධිවලට ඍජුව හෝ වක්‍රව හවුල්වන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරන බව පොලිස්පතිවරයා සඳහන් කරයි.
     
    යම් යම් පුද්ගලයන්ගේ මෙවැනි වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ඕනෑම අවස්ථාවක දී පොලිස් මුලස්ථානය වෙත දැනුම් දිය හැකි බවත් එලෙස තොරතුරු සපයන්නන්ගේ රහස්‍යභාවය උපරිම ආකාරයෙන් ආරක්ෂා කරන බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දෙයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya