මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද, ඌව සහ නැගෙනහිරට ගිගුරුම් සහිත වැසි Featured

    අගෝස්තු 18, 2014

    අද (18) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර මෙම වැසි වයඹ පළාතට ද පැතිර යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    නුවරඑළිය, මහනුවර, රත්නපුරය, ගාල්ල සහ කොළඹට විටින් විට  වැසි ඇති වේ.


    අනුරාධපුරය, යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය සහ මඩකළපුවට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.  


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.0°C ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ. අද උදෑසන 05.30 වනවිට ගාල්ලට මි.මී. 56.1ක වර්ෂාපතනයක් ලැබී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya