මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් Featured

    අගෝස්තු 16, 2014
    ශී‍්‍ර ලංකාවේ ප‍්‍රදේශ කිහිපයක මේ වන විට ඇති වී තිබෙන දැඩි නියඟය හේතුවෙන් පීඩාවිඳින ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ වැඩසටහනක් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සමඟ ලෝක ආහාර වැඩපිළිවෙළ එක්ව කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇත. 
     
    පසුගියදා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දී පැවැත්විණි.  
     
    තෝරාගත් ප‍්‍රතිලාභීන් සඳහා ආහාර සහ මූල්‍යමය යන අංශ දෙක යටතේ සහනාධාර ලබාදීමට මෙම සාකච්ඡාවේ දී තීරණය කරන ලදි.  මේ යටතේ දිස්ති‍්‍රක්ක 14කට පළමු මාසයේ දී ප‍්‍රතිලාභීන් 191,300ක් සහ දෙවන මාසයේ දී ප‍්‍රතිලාභීන්  84,450ක් සඳහා ප‍්‍රතිලාභ ලබාදීමට අපේක්‍ෂා කරයි. ඒ අනුව මොනරාගල, පොලොන්නරුව, අනුරාධපුරය, හම්බන්තොට, මුලතිව්, කිලිනොච්චි, අම්පාර, මඩකළපුව, ති‍්‍රකුණාමලය, යාපනය සහ කුරුණෑගල යන දිස්ති‍්‍රක්කවල තෝරාගත් ප‍්‍රතිලාභීන් 176,400ක් සඳහා පළමු මාසය තුළ සහල් මෙට්රික් ටොන් 2,116.80ක්, පරිප්පු මෙට්රික් ටොන් 529.20ක් සහ එළවළු තෙල් මෙට්රික් ටොන් 132.30ක් ආහාරමය ආධාර වශයෙන් ලබාදීමට තීරණය කර ඇත. 
     
    මේ සඳහා වැයවන මුළු මුදල දළ වශයෙන් රුපියල් දස ලක්‍ෂ 252.27කි. මන්නාරම, වවුනියාව සහ පුත්තලම යන දිස්ති‍්‍රක්ක තුනට මූල්‍යමය ආධාර ලබාදීමට ද මෙහිදී තීරණය කෙරිණි.  ඒ අනුව එම දිස්ති‍්‍රක්කයන්හි නියඟයෙන් පීඩාවට පත් ජනතාව සඳහා පළමු මාසය තුළ මූල්‍යාධාර වශයෙන් ලබාදීමට වෙන්කර ඇති මුදල රුපියල් දස ලක්‍ෂ 29කි. පළමු මාසයේ මෙම ආධාර ප‍්‍රතිලාභීන් වෙත නොමිලේ (වැඩ සිදුකිරීමෙන් තොර ව) ලබාදෙනු ඇත. දෙවන මාසයේ දී ප‍්‍රතිලාභීන් වෙතින් තාක්‍ෂණික නොවන වැඩ (මෘදු වැඩ) ලබා ගැනීමෙන් පසු ආහාර සහ මූල්‍යාධාර ලබාදීමට නියමිතය. ඒ අනුව ආහාර සහනාධාර ලබාදීම යටතේ දිස්ති‍්‍රක් 11 හි තෝරාගත් ප‍්‍රතිලාභීන් සඳහා ලබාදීමට නියමිත සහල් ප‍්‍රමාණය මෙට්රික් ටොන් 646.80කි.  එහි වටිනාකම රුපියල් දස ලක්‍ෂ 35.6කි. 
     
    මූල්‍යාධාර ලබන දිස්ති‍්‍රක්ක තුනෙහි ප‍්‍රතිලාභීන්ට දෙවන මාසයේ දී ලබා ගන්නා සේවයට ගෙවීම් සිදුකිරීම සඳහා වැය වන මුදල රුපියල් දස ලක්‍ෂ 07කි. මෙම ආධාර ලබාදීම සඳහා ප‍්‍රතිලාභීන් තෝරා ගැනීම දිස්ති‍්‍රක් ලේකම්වරුන් හරහා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කිරීමට දැනටමත් කටයුතු යොදා ඇත. මේ සඳහා ශී‍්‍ර ලංකා රජය විසින් ලෝක ආහාර වැඩපිළිවෙළ සඳහා පරිත්‍යාග කළ රුපියල් දස ලක්‍ෂ 151.97ක් පමණ වටිනා සහල් මෙට්රික් ටොන් 2763.60ක් මෙහිදී ලෝක ආහාර වැඩපිළිවෙළ යටතේ බෙදා හැරීමට නියමිතය. 
     
    රජය මගින් ලබාදෙන සහ වෙනත් ආයතන මගින් ලබාදෙන සහනාධාරවලට හිමිකම් නොලැබූ පුද්ගලයන්ට මෙම වැඩසටහනේ දී ප‍්‍රමුඛත්වය ලබාදීමට බලාපොරොත්තු වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya