මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවි ජනතාව ආරක්ෂා කිරීමට කැපවෙනවා Featured

    අගෝස්තු 16, 2014
    රටේ කෘෂි කර්මාන්තය සංවර්ධනය කරමින් ගොවි ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජය සැම විටම කටයුතු කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා සඳහන් කළේ පොහොර සහනාධාරය ලබාදීම, කෘෂි නිෂ්පාදනවල මිල ස්ථාවර කිරීම, වැව් හා වාරි මාර්ග සංවර්ධනය, ගොවිජන සේවා මධ්‍යස්ථාන සංවර්ධනයට මෙන් ම ගෙවිතැන් සඳහා අවශ්‍ය නවීන යන්ත්‍රෝපකරණ ලබාදීමට ද රජය කටයුතු කර ඇති බවය. 
     
    චීන රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 2600ක් වටිනා කෘෂි යන්ත්‍රෝපකරණ හම්බන්තොට, මොනරාගල සහ බදුල්ල යන දිස්ති‍්‍රක්කවල ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබාදීම වෙනුවෙන් ඊයේ (15) ගාලු මුවදොර පිටියේ පැවති උත්සවයක දි අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය. 
     
    චීන රජයෙන් ප‍්‍රදානයක් ලෙස ලබාදුන් අදාළ යන්ත‍්‍ර සුත‍්‍ර තොගය භාරදීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීම ද මෙහිදි සිදුවු අතර චීන රජය වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේ චීන තනාපති  Wu Jaianghoo මහතා ද, ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ද එක්වූහ. 
     
    රෝද හතරේ සහ දෙකේ ට්‍රැක්ටර් ඇතුළු උපාංග, ගොයම් පැළ සිටවන යන්ත‍්‍ර, වී අස්වනු නෙළන යන්ත‍්‍ර, වතුර පොම්ප ඇතුළු කෘෂි කර්මාන්තය සඳහා යොදාගන්නා යන්ත‍්‍ර සුත‍්‍ර රැසක් අදාළ දිස්ති‍්‍රක්කවල ගොවිජන සේවා මධ්‍යස්ථාන, ගොවි සංගම් සහ ගොවිමහතුන් වෙත බෙදා දීම මෙහිදි සිදුවිය. 
     
    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මීට වසරකට පමණ පෙර චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම කෘෂි උපකරණ ලැබුණු බවත්, ඒ වෙනුවෙන් චීන රජයට සහ ජනතාවට ලාංකික ජනතාවගේ ගෞරවය පුද කරන බවත් පැවසු අමාත්‍යවරයා රටේ කෘෂිකර්මාන්තය සංවර්ධනය කරමින් ගොවි ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජය සැම විටම කටයුතු කරන බව පෙන්වා දුන්නේය.
     
    කිසිදු සැලකිල්ලක් නොදක්වා තිබු ගොවිජන සේවා මධ්‍යස්ථාන සංවර්ධනය සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකටම කැබ් රථයක් ලබා දීමට කටයුතු කරන බවත් කේෂ්ත‍්‍ර නිලධාරීන් සඳහා රුපියල් 50000 වැනි මුදලකට යතුරු පැදි ලබා දීමට ජනාධිපතිතුමා පියවර ගෙන ඇති බවත් පැවසු අමාත්‍යවරයා සඳහන් කළේ මෙම පහසුකම් ලබාගනිමින් ජනතාවට සේවය කිරීම නිලධාරින්ගේ යුතුකම වන බවය. 
     
    ගොවි ජනතාවට අවශ්‍ය ණය පහසුකම් ලබා දීම සඳහා ගොවි ජනතාවගෙන් සැදුම්ලත් ගොවි බැංකු ශක්තිමත් කිරීමට රුපියල් ලක්‍ෂ 40,000ක් ලබා දීමට අතිගරු ජනාධිපතිතුමා පියවර ගෙන ඇති බවත්, එය ගොවි ජනතාවට ඔවුන් විසින් තීරණය කරන පොලී අනුපාතයකට බාධාවකින් තොර ව ණය ගැනීමට හැකි වැඩසටහනක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
     
    මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ගොවිජන සේවා අධ්‍යක්‍ෂ ජනරාල් එම්.ඒ.එස්. වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    DB
     
    CHINA MACHINE DONATION
     
     
    CHINA MACHINE DONATION 1
     
    CHINA MACHINE DONATION 2
     
    CHINA MACHINE DONATION 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya