මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා නිසා ඌව ජනතාව සංවර්ධනය භුක්තිවිඳිමින් සිටිනවා

    අගෝස්තු 15, 2014
    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඌව පළාත සංවර්ධනය කිරීම හරහා ප්‍රථම වරට ඌව පළාත් වැසියන් සංවර්ධනය භුක්ති විඳිමින් සිටින බව ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඩී.ඊ.ඩබ්. ගුණසේකර මහතා පැවසීය.
     
    "ඌව පළාත එක්සත් ජාතික පක්ෂය ග්‍රහණයේ තිබුණු පළාතක්. අද එම ග්‍රහණය ගිලිහි ගොස් තිබෙනවා. ඌව පළාත අතීතයේ දී මෙන් ම සෑම ක්ෂේත්‍රයකින්ම ඉදිරියට ගොස් තිබෙනවා". 
     
    දරිද්‍රතාව අතින් වැඩිම දිස්ත්‍රික්කය ලෙස පැවැතියේ මොනරාගල දිස්ත්‍රික්කය බවත් අද වන විට එය මගහැරෙමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (15) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    පසුගිය කාලයේ දී බස්නාහිර පළාතේ දළ දේශීය නිෂ්පාදනය 55%ක් ව පැවැති බවත් එය මේ වන විට 43%ක් වී ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඉන් පැහැදිලි වන්නේ සංවර්ධනය අනෙක් දිස්ත්‍රික්කවලට ද බෙදී ගොස් ඇති බවද පෙන්වා දුන්නේය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya