මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    78 ව්‍යවස්ථාවේ ඉලක්කය ජනතාව නො ව විපක්ෂයයි

    අගෝස්තු 15, 2014
    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති කිරීමේ දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය වුයේ ජනතාව නො ව විපක්ෂ බලයට ඒම වැළැක්වීම බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (15) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    "ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා භාරගත්තේ බෙදුණු රටක්. යුද්ධය අවසන් කරමින් ඒ රට නැවත එක් කරමින් රටට සාමය උදා කළා. රට තුළ පුළුල් ආර්ථික සංවර්ධනයක් සිදු කොට තිබෙනවා.  බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික් කෘෂිකාර්මික දිස්ත්‍රික්ක. පසුගිය වසර කිහිපය තුළ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලය තුළ එම දිස්ත්‍රික් විශාල වෙනස්කම්වලට භාජනය වී තිබෙනවා. පුළුල් ලෙස සංවර්ධනය වෙලා". 
     
    "යුද්ධය පැවැතියා කියා සංවර්ධන කටයුතු අතහැර තිබුණේ නෑ. යුද්ධයෙන් පසු ව යුද්ධයට වෙන් කළ මුදල් රටේ සංවර්ධන කටයුතු සඳහා වෙන් කොට තිබෙනවා". 
     
    සංවර්ධිත, සංවර්ධනය වන හා ඌන සංවර්ධිත රටවල් ගත් කළ ශ්‍රී ලංකාව සංවර්ධනය අතින් හොඳ ස්ථානයක සිටින බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා එහි ප්‍රතිලාභ ජනතාව ලබමින් සිටින බවත් පැවසීය.
     
    "යුද්ධය නිමාවීමෙන් අනතුරු ව අනෙකුත් ක්ෂේත්‍ර හා සමගින් සෞඛය හා අධ්‍යාපන ක්ෂේත්‍ර පුළුල් සංවර්ධනයකට ලක් වී තිබෙනවා. සියලු භෞතික මෙන් ම මානව සම්පත සංවර්ධනය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කොට තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ද එලෙස විශාල වැඩ කොටසක් සිදු කොට තිබෙනවා. පසුගිය ආණ්ඩු පැවති කාලවකවානු තුළ දී සෞඛ්‍ය මෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා ද බඳවාගැනීම් සිදු කොට නැහැ". 
     
    "පවතින පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින්ගේ අඩුපාඩුවක් පවතිනවා. හෙද සේවයේත් පුරප්පාඩු 5000ක් පමණ තිබෙනවා. වෛද්‍යවරුන් හා සැසඳීමේ දී විදේශගත වන හෙද සේවකයන්ගේ ප්‍රමාණය වැඩියි. ඒ නිසා අඩුව පුරවාගැනීමට සුදුස්සන් රට තුළින් එන්නේ නෑ". 
     
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩු කාලයේ දී මානව සම්පත මෙන් ම භෞතික සම්පත් ද අති විශාල ලෙස සංවර්ධනය වී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya