මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 21 සිට

    අගෝස්තු 15, 2014

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව මේ මස 21 ආරම්භ වී එය 22 වැනිදා දක්වා පැවැත්වේ.

    රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන නව දැනුම නිර්මාණය කිරීම කොතලාවල විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වගකීම වන බවත්, එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා විශ්වවිද්‍යාලය හත්වනවරටත් මෙම අන්තර් ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය පවත්වන බවත් බ්‍රිගේඩියර් ඒ.එල්.ඩී.එම්. ගුණසේකර මහතා පැවසීය.

    ගුණසේකර මහතා මේ බව පැවසුවේ, අද (15) පෙරවරුවේදී කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

     

    මෙවර එහි තේමාව වනුයේ අධ්‍යාපන පරීක්ෂණ හා නව සොයා ගැනීම් තුළින් රටක සංවර්ධනයට බුද්ධියෙහි සීමාව විකාශනය කිරීමයි.

    මෙම සම්න්ත්‍රණය තුළින් වෛද්‍ය, ඉංජිනේරු, නීති කළමනාකරණ සහ සම සෞඛ්‍ය වැනි විවිධ තලයන්ට අයත් නව පර්යේෂණ ගණනාවක්  එළිදැක්වීමට නියමිත වේ.
     

    මෙවරද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය සඳහා දේශීය විදේශීය විද්වතුන් විශාල ප්‍රමාණයක් තම නව පර්යේෂණ සහ සොයා ගැනීම් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, චීනය, ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශය සහ මාල දිවයින් යන රටවලින් ජ්‍යේෂඨ හමුදා නිලධාරීන්ද මේ සඳහා සහභාගී වීමට නියමිත වේ.


    මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා මහාචාර්ය රංජිත් පෙරේරා සහ ආචාර්ය නාමලී සිරිසෝම මහත්මිය ද එක්ව සිටියහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya