මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෝහල් නොවන ආයතන පරීක්ෂා කිරීමට නීතිරීති ප්‍රමාණවත් නෑ Featured

    අගෝස්තු 15, 2014
    සෞඛ්‍ය කටයුතු සම්බන්ධයෙන් වන රෝහල් නොවන ආයතන පරීක්ෂා කිරීමට දැනට පවතින නීතිරීති ප්‍රමාණවත් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (15) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    රූපලාවන්‍ය විෂය සම්බන්ධයෙන් මෙන් ම සෞඛ්‍යයට සම්බන්ධ නොයෙක් කටයුතු සිදුකරනු ලබන ආයතන රැසක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති අංශය වෙත පවතින නීති සංශෝධනය සකස් කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට උපදෙස් ලබාදුන් බවද පැවසීය.
     
    මේ වන විට ව්‍යාජ වෛද්‍යවරුන් 10,000ක් පමණ ඇති බවට තම අමාත්‍යංශය වෙත තොරතුරු ලැබී ඇති බවත් විමර්ශන නිලධාරීන් හරහා නිතර සොයාබැලීම් සිදු කරන බවත් කී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සියලු කටයුතු සඳහා මහජන සහයෝගය ද අවශ්‍ය යැයි වැඩිදුරටත් පැවසීය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya