මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක සම්මන්ත්‍රණය - අගෝස්තු 18 සිට 20 දක්වා

    අගෝස්තු 15, 2014
    ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වන ‘ආරක්ෂක සම්මන්ත්‍රණය - 2014‘ මෙම මස 18 සිට 20 දින දක්වා කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.
     
    මෙවර මෙම සමුළුවේ තේමාව වනුයේ "ශ්‍රී ලංකාව අභියෝග හමුවේ ජාතියක් ලෙස නැගී සිටීම" යන්නය.
     
    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද මෙම ආරක්ෂක සම්මන්ත්‍රණ මාලාවේ සිව්වැන්න වන මෙය වර්තමාන යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතාගේ ක්‍රියාකාරී මගපෙන්වීම මත දෙස් විදෙස් කථිකයින් 20කට අධික දේශකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.‍
     
    2011 වසරේ සිට ත්‍රස්තවාදය පැරදවීම, පශ්චාත් යුද සමයේ අභියෝගයන් හා පශ්චාත් යුද සමය තුළ රට තුළ හා කලාපය තුළ රට ස්ථාවරව පවත්වාගෙන යාම යන තේමාවන් ඔස්සේ මෙම සම්මන්ත්‍රණය පවත්වා ඇත.
     
    පශ්චාද් යුද සමය තුළ ශ්‍රී ලංකාවේ පිබිදීම, ආර්ථිකය හා ජාතික ආරක්ෂාව, කලාපීය හා ජාත්‍යන්තර අභියෝග යන විෂයන් අනු තේමා කර ගනිමින් දින 3ක් මුළුල්ලේ මෙම සමුළුව පැවැත්වේ.
     
     
    ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය, පෝලන්තය, ටස්මේනියාව, මලයාසියාව, චීනය හා සිංගප්පූරුව යන රටවල විදේශීය ආරාධිත විද්වත් දේශකයන් පිරිසක් ‍මෙවර සමුළුවේ දේශන පැවැත්වීම සඳහා සහභාගීවීමට ද නියමිතය.
     
    මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් ප්‍රධාන දේශනය කිරීමට නියමිත අතර ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම යන විද්වතුන් ආරම්භක දේශන පැවැත්වීමට නියමිතව ඇත. 
     
    එසේම මෙදින ශ්‍රී ලංකාවේ සාමය සහ නොබිඳෙන සබඳතාව, ශ්‍රී ලංකාවේ නැගී සිටීම පිළිබඳ තීරණත්මක විනිශ්චය හමුවේ ජාතියේ සමෘද්ධිය අර්ථ දැක්වීම හා ජාතිය සමෘද්ධිය කරා ළඟාවීමේ තිරසාර ආර්ථික ගමන් මග ආදි කරුණු පිළිබඳ ව අවධානය යොමු කරනු ඇත. 
     
    සමුළුවේ දෙවැනි හා තුන්වැනි දිනයන්හි දී ප්‍රසාද් කාරියවසම්, රවිනාථ ආරියසිංහ, මේජර් ජනරාල් එම්.පී. පීරිස්, මේජර් ජනරාල් ජී.වී.යූ.ඩී. පෙරේරා, රියර් අද්මිරාල් ඩී.සී. ගුණවර්ධන, අසංග අබේගුණසේකර, එයාර් වයිස් මාර්ෂල් කේ.වී.බී. ජයම්පති සහ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ආචාර්ය ක්‍රිස් නෝනිස් යන විද්වතුන් විසින් සමෘද්ධිමත් නාවික කේන්ද්‍රස්ථානයක් කරා ළඟාවීමේදී ජාතිය හමුවේ ඇති ආරක්ෂක අභියෝග, කලාපීය ගුවන් කේන්ද්‍රස්ථානයක් කරා ළඟාවීමේ අභිලාෂය හමුවේ ශ්‍රී ලංකාව සුරක්ෂිත සහ නිරුපද්‍රිත ගුවන් කලාපයක් කරා ළඟාවීම, ශ්‍රී ලංකාව සමෘද්ධිය කරා පිය නැඟීම පිළිබඳ ඉන්දියානු ප්‍රතිරූපය, ඉන්දු ශ්‍රී ලංකා සබඳතා, ISAF බලපෑමෙන් පසු ඇෆ්ගන්ස්ථානය හා පකිස්ථානය කලාපීය වශයෙන් නැඟී සිටීම, ශ්‍රී ලංකාව පිබිදෙන ජාතියක් ලෙස බටහිර දැක්ම, ශ්‍රී ලංකාව හා අප්‍රිකානු ජාතියේ සංවර්ධනය හා පිබිදීම, මැලේසියාවේ ප්‍රතිරූපය, චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති නොබිඳෙන සබඳතාව, සමෘද්ධිමත් ජාතියක් ලෙස නැඟීසිටීමේ අවශ්‍යතාව ආදි මාතෘකා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
     
    යුද ගැටුම් අවසන් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජයීය, මෙන් ම සංහිඳියාව හා ආර්ථික, සංස්කෘතික හා ආගමික යන කලාපීය සහයෝගීතාව නංවාගැනීම ආදි කරුණු කෙරෙහි බලපාන පොදු ගැටලු නිරාකරණය කර ගැනීම පිළිබඳ පුළුල් කරුණු විග්‍රහ කරනු ලබන මෙවර ආරක්ෂක සමුළුව සඳහා රටවල් 66ක් නියෝජනය කරමින් විදේශීය නියෝජිතයන් 93 දෙනෙකු, තානාපතිවරුන් 41 දෙනෙකු, ආරක්ෂක උපදේශකවරුන් 35 දෙනෙකු හා ආරාධිත කථිකයන් 16 දෙනෙකු ද සමගින් සමස්ත නියෝජිතයන් 350කට අධික පිරිසක් සහභාගිවීමට නියමිතව ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya