මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාක් සමුළු නව ලේකම් විදේශ කටයුතු ඇමති හමු වේ Featured

    අගෝස්තු 15, 2014

    සාක් සමුළු නව ලේකම් අර්ජුන් බී. තාපා මහතා සාක් සාමාජික රටවල් බැහැදැකීම නිමිත්තෙන් පසුගියදා ශ්‍රී ලංකාවටද පැමිණියේය.

     

    ඔහු ලංකාවේ රැඳී සිටියදී පසුගිය සිකුරාදා (11) මහනුවරදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු විය. විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය පසුගිය සෙනසුරාදා (12) අර්ජුන් බී. තාපා මහතා සමඟ එම අමාත්‍යංශ පරිශ්‍රයේදී හමු වී සාකච්ඡා පවත්වන ලදී.

     


    විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (14) අමාත්‍යංශ පරිශ්‍රයේදී සාක් සමුළු නව ලේකම් අර්ජුන් බී. තාපා මහතා හමු විය. පළමුව 12වැනි සාක් සමුළු ලේකම් ලෙස පත්වූ අර්ජුන් බී. තාපා මහතාට සුභ පැතූ  අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ලේකම් ජෙනරල් ලෙස ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගැනීමට සාක් සාමාජික රටවල් පිළිබඳ දැනුවත් වීමට එම රටවල සංචාරය හා සාකච්ඡා පැවැත්වීම සාක් සමුළුවේ අනාගත අභිවෘද්ධියට හේතු වන බව පැවසීය.



    නොවැම්බර් නේපාලයේ කත්මන්දු නගරයේ පැවැත්වීමට නියමිත මීළඟ සාක් සමුළු වාරයේදී ශ්‍රී ලංකාව සාරවත් නව මුහුණුවරකින් ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කරන ලදී.
     
     

    ශ්‍රී ලංකා රජය විසින් සාක් කලාපයේ රටවල් ඇතුළත සංස්කෘතික හා ආගමික සම්බන්ධතාවෙන් යුතු සංචාරක කලාපයක් සංවර්ධනය කිරීම සඳහා සාමාජික රටවල් හා තොරතුරු සාකච්ඡාවට සාක් තරුණ සමුළුව මෙහෙයවන බව අමාත්‍යවරයා සඳහන් කරන ලදී.



    සාක් සමුළු සංවර්ධන අරමුදල හා දකුණු ආසියා නිදහස් වෙළඳ කලාපයට (SAFTA) එයින් ලැබෙන ඵලදායීතාව පිළිබඳව විශේෂයෙන් අවධාරණය කරමින් සාක් කලාපයේ වත්මන් රාජ්‍යතාන්ත්‍රික ප්‍රාදේශීය සබඳතා වෙතද මෙම සාකච්ඡාව යොමු විය.
     
     

    විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය, සාක් ප්‍රාදේශීය අධ්‍යක්ෂක ජෙනරල් දමයන්ති රාජපක්ෂ මහත්මියද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya